නැවත වාහන ආනයනය කරනවාද..? " මෙහෙම කාර් එකක් හදා ගමු" වෙළද ඇමතිගෙන් ප්‍රකාශයක්..!

brand new second hand Basil Rajaoaksha vehicle market
By Sewvandhi Feb 03, 2022 02:29 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මෙරටදී මෝටර් රථ නිපදවීම කෙරෙහි අවධානය යොමුකළයුතු බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය. මාධ්‍යවේදියෙකු වාහන ආනයනය ආරම්භය සම්බන්ධයෙන් නැගූ පැනයකට පිළිතුරු දෙමින් මුදල් අමාත්‍යවරයා මේ බව පැවසීය.

මාධ්‍යවේදියෙක් - "ඉදිරියේදී වාහන ආනයනය කරනවද නැද්ද කියලා දැනගන්න පුළුවන් ද?"

අමාත්‍ය බැසිල් රාජපක්ෂ - "වාහන ගෙන්න ඉස්සෙල්ලා පරිප්පු ටික ගේන්න එපැයි. මම බලන්නේ හෙට උදේ වෙද්දි පරිප්පු කන්ටේනර් ටික බේරන්නේ කොහොමද කියලා. කොහොම හරි මෙහෙම කාර් එකක් හදාගමු."

මේ අතර ඉදිරියේදී වාහන ආනයනය සඳහා අවසර ලබා දීමේ දී විදුලි බලයෙන් ධාවනය වන වාහන සඳහා ප්‍රමුඛතාවයක් ලබා දීමට කටයුතු කරනු ලබන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 09 වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ආරම්භක දිනයේ සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් කියා සිටියේය. 

 මෙහිදී වැඩිදුරටත් ජනාධිපතිවරයා පැවසුවේ, එම වාහන සඳහා විදුලිය ලබා ගැනීමේ දී පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතා කිරීමට සැලසුම් කළ යුතු බවය.

"වාර්ෂිකව අපේ රටේ ආනයන වියදමෙන් සියයට 20ක් පමණ වෙන්වන්නේ තෙල් ආනයනය සඳහායි. සමස්ත අපනයන ආදායම මසකට ඩොලර් මිලියන 1,000කටත් වඩා අඩු ප්‍රමාණයක් වන විට තෙල් සඳහා පමණක් මාසයකට ඩොලර් මිලියන 350කට ආසන්න ප්‍රමාණයක වියදමක් දැරීමට අපට සිදුවෙනවා. මෙලෙස ආනයනය කරන තෙල්වලින් සියයට 70ක් පමණ වැය වන්නේ වාහන සඳහා ඉන්ධන වශයෙන්.

විදුලි උත්පාදනය සඳහා සියයට 21 ක් පමණ වැයවෙනවා. කර්මාන්ත සඳහා යොදා ගැනෙන්නේ සියයට 4ක් පමණයි. ඉදිරියේ දී වාහන ආනයන සඳහා අවසර ලබා දෙන විට විදුලි බලයෙන් ධාවනය වන වාහන සඳහා ප්‍රමුඛතාවක් ලබා දෙන්නට අප බලාපොරොත්තු වෙනවා. ඒ අනුව වාහන සඳහා විදුලිය සැපයීමේ දී හැකිතාක් දුරට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතා කරන්නට අපි සැලසුම් කළ යුතුයි."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now