රාජ්‍ය සේවක වැටුප 65%කින් ඉහළට - 100% වැඩිකරන දිනය මෙන්න
අද දින සිළුමිණ පුවත් පත වාර්තා කරන ආකාරයට මේ වනවිට රාජ්‍ය සේවක වැටුප 65%කින් වැඩි කර ඇත.රජය ඉකුත් අයවැයෙන් ඉදිරිපත් කල රාජ්‍ය සේවක වැටුප් වර්ධකයෙන් 35%ක් සියලු රාජ්‍ය සේවකයන්ගේ ජනවාරි මස වැටුපට එක වී ඇති අතර,ඒ සමගම අයවැයෙන් පොරොන්දු වූ රාජ්‍ය සේවකයන්ගේ සමස්ථ වැටුප් වර්ධනය 65% දක්වා සම්පුර්ණ වී ඇත.
රජය විසින් 2025 අයවැය යෝජනා මගින් ඉදිරිපත් කල රාජ්‍ය අංශයේ වැටුප් සංශෝධනයට අදාළව මුළු ශුද්ධ වැටුප් වැඩිවීමෙන් රු.5000ක් සහ ඉතිරි මුදලින් 30%ක් 2025 වසරේ අප්‍රේල් මාසයේ සිට ගෙවන අතර ඉදිරි 70% 2026 වසරේ ජනවාරි මස සහ 2027 වසරේ ජනවාරි මාස වලදී සමාන කොටස් වශයෙන් ගෙවීමට තීරණය විය.
ඒ අනුව 2026 අයවැය යෝජනාවේදී දෙවෙනි පියවර ලෙස මෙවර ජනවාරි මාසයේදී වැටුප් වර්ධනය 35% රාජ්‍ය සේවකයනගේ වැටුපට එකතු වූ අතර රජය විසින් ඒ සදහා රුපියල් බිලියන 110ක් වෙන් කළේය. වැටුප් වර්ධනයේ ඉතිරි 35%2027 ජනවාරි මස වැටුප සමග ගෙවීමට නියමිත අතර ඒ අනුව සමස්ත වැටුප් වර්ධකය ඒ වනවිට 100% බවට පත්වේ.