දිවයින පුරා රෝහල් 130කට රාජ්‍ය ඔසුසල් – නව සෞඛ්‍ය වැඩපිළිවෙලක්

Hospitals in Sri Lanka Nalinda Jayatissa Sinhala news gagana news SriLanka News - Gagana
By Shehan Jun 28, 2025 12:32 AM GMT
Shehan

Shehan

Report

ශ්‍රී ලංකාවේ දිවයින පුරා පිහිටි ද්විතීයික හා තෘතීයික රෝහල් 130ම ආවරණය වන පරිදි, එමෙන්ම ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහල් ආශ්‍රිතව රාජ්‍ය ඔසුසල් ශාඛා ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම ප්‍රකාශය සිදුකළේ, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) 65 වැනි රාජ්‍ය ඔසුසල ශාඛාව, නාරාහේන්පිට, කිරුල පාර, අංක 209 යන ස්ථානයේදී විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.

අද ලග්න පලාපල – 2025 ජූනි 28 | ලග්නයෙන් හෙළිවෙන ඔබේ වාසියන් සහ අවාසියන් - අදම බලන්න

අද ලග්න පලාපල – 2025 ජූනි 28 | ලග්නයෙන් හෙළිවෙන ඔබේ වාසියන් සහ අවාසියන් - අදම බලන්න

මෙම ඔසුසල රජය බලයට පත්වීමෙන් පසු ස්ථාපිත කළ තුන්වන රාජ්‍ය ඔසුසල ශාඛාව වන අතර, මීට පෙර ගල්කිස්ස සහ කිරිබත්ගොඩ යන නගරවල රාජ්‍ය ඔසුසල ශාඛා ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබේ.

වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සංකල්පයක් යටතේ, ජනතාවගේ අවශ්‍යතාවන්ට අනුකූලව දිවයින පුරා රාජ්‍ය ඔසුසල් ශාඛා ස්ථාපිත කිරීමේ විශේෂ වැඩපිළිවෙළට සමගාමීව මෙම නව ඔසුසල ශාඛාව ද විවෘත කර ඇත.

ජපුරෙන් තීරණයක්, ආයේ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා නෑ

ජපුරෙන් තීරණයක්, ආයේ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා නෑ

මෙම වැඩසටහන තුළින් ගුණාත්මක ඖෂධ ජනතාවට පහසු මිලකට ලබා ගැනීමේ අවස්ථාව සලසන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

ReeCha