ගුටි කාපු සඳමාලි වේදනාවෙන් ව්‍රායිට අමතයි [VIDEO]

SJB National People's Power - NPP Sinhala news Colombo politics heat up Vraie Cally Balthazaar
By Kaushi Jun 26, 2025 08:49 AM GMT
Kaushi

Kaushi

Report

ජාතික ජනබලවේගය පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසකගේ පහරදීමක් නිසා ඉකුත්දා තුවාල ලැබූ එක්සත් ජාතික පක්ෂයේ කොළඹ නාගරික මන්ත්‍රීනි යූ. සඳමාලි මහත්මිය විසින් මාධ්‍ය අමතා තිබෙනවා.

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

එහිදී ඇය විසින් පවසා සිටියේ,

" අපි හැමෝම විවෘත ඡන්දයක් ඉල්ලනකොට එම කොමසාරිස්තුමිය මේක රහස් ඡන්දෙකට යන්න ඕනේ කියල විරෝධය දැක්වුවා. ඒ නිසා මම බල කරලා ඉල්ලුවා මේක අපිට දෙන්න කියලා. ඒ නොලැබුන හේතුවත් මම එතන කතා කරපු නිසාත් තමයි අද මම මේ ඉරණමට ලක්වෙලා තියෙන්නේ. වටගල මහතා කිව්ව විදිහට මේක අයිස්ක්‍රීම් දන්සලක් නෙවෙයි.

ප්‍රචණ්ඩ සුනාමියක් ගැන භයානක අනාවැකියක්

ප්‍රචණ්ඩ සුනාමියක් ගැන භයානක අනාවැකියක්

එවලේ ඇති වුණේ සුදත් රෝහණ නැමැත්තත් ඒ එක්කම සුමේධ නැමැත්තත්, සුදත් රෝහණගේ ඥාති පුත්‍රයත් මගේ ව්‍යාපාර ස්ථානයට බීලා ඇවිත් රතිඤ්ඤා දාලා මට අහගෙන ඉන්න බැරි විදිහට වචන කිව්වා. ඒ වෙලාවෙ මේක පටිගත කරපු නිසා ඒ වීඩියෝව ඉල්ලලා තමයි මේ තුන්දෙනා මට පහර දීම සිදු කළේ. මගේ බෙල්ල හිර කරල එක්කෙනෙක් මගෙ කොණ්ඩෙන් ඇදලා මට හිතාගන්නත් බැරි විදිහට ඒගොල්ලෝ මේ සභාව ගත්තා මේ ආණ්ඩුව අතට ගත්තා කියලා තමයි පහර දුන්නේ. වීඩියෝ පට මගේ ළඟ තියෙනවා. විශේෂයෙන් කොළඹ පත් වුණ පුරපතිනිය දේශපාලනයට එන්න කළින් මගේ හිතවත් මිතුරියක්. හැබැයි අද වෙනකල් කෝල් එකක්වත් දීලා මං ගැන හොයලා බැලුවේ නෑ. " 

ජනාධිපති පොදු සමාවෙන් කාන්තාවන් දෙන්නෙක් මරලා දාපු හිටපු ඇමති බිරිදකුත් නිදහස් කරන්

ජනාධිපති පොදු සමාවෙන් කාන්තාවන් දෙන්නෙක් මරලා දාපු හිටපු ඇමති බිරිදකුත් නිදහස් කරන්

ReeCha