ඇල්ල – වැල්ලවාය මාර්ගයේ ප්‍රපාතයකට පෙරළුණු ලොරි රථයක් – රියදුරු මරුට

Report

ඇල්ල - වැල්ලවාය මාර්ගයේ රන්දෙණිය ප්‍රදේශයේදී අද (28) අලුයම සිදුවූ බිහිසුණු රිය අනතුරකින් ලොරි රථයක රියදුරු ජීවිතක්ෂයට පත්ව ඇත.

පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ, ඇල්ල සිට වැල්ලවාය දෙසට ධාවනය වෙමින් තිබූ ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරලීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අද ලග්න පලාපල – 2025 ජූනි 28 | ලග්නයෙන් හෙළිවෙන ඔබේ වාසියන් සහ අවාසියන් - අදම බලන්න

අද ලග්න පලාපල – 2025 ජූනි 28 | ලග්නයෙන් හෙළිවෙන ඔබේ වාසියන් සහ අවාසියන් - අදම බලන්න

එහිදී, රියදුරු ලොරි රථයෙන් එළියට විසිවී, රථයට යටවී ඛේදජනක ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත. මෙලෙස මියගොස් ඇත්තේ බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි 34 හැවිරිදි පුද්ගලයෙකි.

ගගන මාණ්ඩලික වාර්තාකරු පැවසුවේ, ලොරි රථයට යටවී තිබූ රියදුරුගේ සිරුර ඉන් ඉවත් කිරීමට බලධාරීන්ට සහ බේරාගැනීමේ කණ්ඩායම්වලට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බවයි.

කොළඹ මහ නගර සභාවට ඒසි දාන්නම ලක්ෂ 4ක් නගරාධිපතිනී ව්‍රායි කැලී මොකද කියන්නේ ?

කොළඹ මහ නගර සභාවට ඒසි දාන්නම ලක්ෂ 4ක් නගරාධිපතිනී ව්‍රායි කැලී මොකද කියන්නේ ?

අනතුර සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

මෙම අනතුර එම මාර්ගයේ ගමන් කරන රියදුරන්ට ආරක්ෂිතව රිය පැදවීමේ වැදගත්කම පිළිබඳව තවත් අවවාදයක් බව පොලිසිය පවසයි.

ඉන්දියාවත් යුද්ධයක් පටන් ගනී - රුසියානු මිසයිල ආරක්ෂක පද්ධති සුදානම්

ඉන්දියාවත් යුද්ධයක් පටන් ගනී - රුසියානු මිසයිල ආරක්ෂක පද්ධති සුදානම්