මත්කුඩු නැත්නම් ඖෂධ හරි ගහනවා රටේ ලක්ෂ ගාණක් මතට ඇබ්බැහි වෙලා
මෙරට දිනපතා මත්කුඩු භාවිතය සිදුකරන පුද්ගලයින් ලක්‍ෂයකටත්, ගංජා භාවිතය සිදුකරන පුද්ගලයින් ලක්‍ෂ තුනකටත් වැඩි බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සහකාර අධ්‍යක්ෂිකා නිලානි අලුත්ගේ මහත්මිය සඳහන් කළාය.
ඇය පැවසුවේ, බොහෝ මත්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයන් එකම වර්ගයකට නොව, ව්‍යාප්තව විවිධ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වන බවත්, ඔවුන්ගේ සමීපතමයන්ට පවා මෙය නොදන්නා අවස්ථා රැසක් ඇති බවත්ය.
තවද, විශේෂයෙන් මත්ද්‍රව්‍ය හිඟ වීමක් සිදුවන විට, වෛද්‍යවරුන් විසින් නියම කරන ඇතැම් ඖෂධ ව්‍යාජව මත්ද්‍රව්‍ය ලෙස භාවිත කරන අයුරුද ඇය අවධාරණය කළාය.