බුද්ධි තොරතුරු එන විටම ඉරානයට පහර දෙනවා - ට්‍රම්ප් කියයි
ඉරානය විසින් යුරේනියම් සැලකිය යුතු ලෙස පොහොසත් කිරීමට හැකියාව ඇති බව බුද්ධි අංශ විසින් තහවුරු කළහොත්, තමන් අනිවාර්යයෙන්ම ඉරානයට නැවත පහර දෙන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
විදේශ මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් ඔහු මෙම අදහස් පළ කළේය. ලබන සතියේ ද්විපාර්ශ්වික සාකච්ඡා නැවත ආරම්භ වන බව ඔහු නිවේදනය කිරීමත් සමඟ මෙම ප්‍රකාශය සිදුව ඇත.
මේ අතර, ඉරානයට එරෙහිව පනවා ඇති ආර්ථික සම්බාධක ඉවත් කිරීමේ සියලු උත්සාහයන් අතහැර දැමූ බව ජනාධිපති ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කළේය.