කම්කරු නිතිය වෙනස් වෙයි - රජයෙන් තීරණයක් මෙන්න
පවතින කම්කරු නීතියට වෙනසක් ගෙන එමින් නව පනතක් සම්මත කිරීමට රජය බලාපොරොත්තු වන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේය.
මෙම නව පනත සකස් කිරීම සඳහා අවශ්‍ය කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බවත්, වතු කම්කරුවන්ගේ වැටුප් සහ දීමනා වැඩි කිරීම සම්බන්ධයෙන් වතු පාලන අධිකාරිය සමඟ සාකච්ඡා සිදුවෙමින් පවතින බවත් ඔහු පැවසීය.
එමෙන්ම වතුකර කම්කරුවන් මුහුණපාන ගැටළු පිළිබඳව ජාතික කම්කරු උපදේශක සභාව සමඟද සාකච්ඡා කරමින් සිටින බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.