මෙන්න මිනිස්සු - මුදල් බෑගය මාස දෙකකට පසු අයිතිකරුට භාරදේ
කොළඹ සිට හැටන් වෙත ධාවනය වූ පෞද්ගලික බස් රථයක ගමන් කළ අවුරුදු 56 ක තිදරු මවකගේ මුදල් සහිත බෑගය මාස දෙකකට පසු අයිතිකරු සොයා භාර දීමට එම බස් රථයේ හිමිකරු විසින් (26) වන දින පියවර ගෙන තිබේ.
රොක්වුඩ් වතුයාය ප්‍රදේශයේ පදිංචි, කොළඹ ප්‍රදේශයේ රැකියාවක් කරන මෙම කාන්තාව, මාස දෙකකට පෙර ND-1308 අංකිත බස් රථයෙන් හැටන් බලා ගමන් කරමින් සිටි අතරදී, මුදල් සහිත බෑගය බස් රථය තුළ අමතක කර තිබේ.
එම බෑගය බස් රථයේ හිමිකරු වන එන්.පී.ක්. සේනානායක මහතා විසින් සොයාගෙන, අයිතිකරු හඳුනා ගැනීමට භාරයේ තබාගෙන තිබේ. පසුගිය (25) වන දින, එම කාන්තාවගේ සැමියා සහ දියණිය විසින් නොර්වුඩ් පොලිසියට පැමිණිල්ලක් කළ අතර, එම පැමිණිල්ල මත විමසීමක් සිදු කළ නෝර්වුඩ් පොලීසිය වෙත බස් හිමිකරු පැවසුවේ, මුදල් සහිත බෑගය ආරක්ෂිතව තබාගෙන ඇති බවත්, හැටන් පොලිසිය වෙත භාර දී එහි අනන්‍යතාවය තහවුරු කරගෙන ලබාගැනිය හැකි බවත්ය.
රු. 41,100 ක මුදලක්, සායන පොතක් සහ ජාතික හැඳුනුම්පත සහිත එම බෑගය, බස් හිමිකරු විසින් (25) දින හැටන් බස් නැවතුම්පොළේ වේලා සටහන්කරු රුවන් පුෂ්පකුමාර වෙත භාර දී ඇති අතර, (26) දිනදී එම වේලා සටහන්කරු විසින් සියළු ද්‍රව්‍ය හැටන් පොලිසිය හරහා කාන්තාවගේ සැමියා සහ දියණියට භාර දී ඇත.
