පොහොර මිල වැඩිවීමේ බලපෑම් දැන්ම දැනෙයි - ගොවියන් චෝදනා

Advanced Agri Farmers Mission Ministry of Agriculture Latest Headlines Sinhala news NPP Government
By Shehan Jun 28, 2025 03:30 AM GMT
Shehan

Shehan

Report

පසුගිය වසර හා සසඳන විට පොහොර මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව ඒකාබද්ධ ගොවි සංවිධානය පවසයි.

එම සංවිධානයේ සභාපති ජගත් අරුණ කීර්ති මහතා සඳහන් කරන්නේ, පොහොර මිටියක මිල රුපියල් 600ත් 700ත් අතර ප්‍රමාණයකින් ඉහළ යාම හේතුවෙන් ගොවි ජනතාවට දැඩි ආර්ථික බලපෑමක් එල්ල වී ඇති බවයි.

අද ලග්න පලාපල – 2025 ජූනි 28 | ලග්නයෙන් හෙළිවෙන ඔබේ වාසියන් සහ අවාසියන් - අදම බලන්න

අද ලග්න පලාපල – 2025 ජූනි 28 | ලග්නයෙන් හෙළිවෙන ඔබේ වාසියන් සහ අවාසියන් - අදම බලන්න

මේ හේතුවෙන්, රජය මැදිහත් වී පොහොර සඳහා පාලන මිලක් නියම කරන ලෙස ඔහු ඉල්ලා සිටී. ඒකාබද්ධ ගොවි සංවිධානය, ගොවි ජනතාව මුහුණ දෙන මෙම ගැටලුවට විසඳුමක් ලබාදීම සඳහා රජයේ අවධානය යොමු කිරීමට උත්සාහ දරමින් සිටී.

ජගත් අරුණ කීර්ති මහතා අවධාරණය කරන්නේ, පොහොර මිල ඉහළ යාම ගොවි ජනතාවගේ ජීවනෝපායට බලපෑම් එල්ල කරන අතර, එය කෘෂිකාර්මික කටයුතුවල ඵලදායිතාවට බාධාවක් විය හැකි බවයි.

කොළඹ මහ නගර සභාවට ඒසි දාන්නම ලක්ෂ 4ක් නගරාධිපතිනී ව්‍රායි කැලී මොකද කියන්නේ ?

කොළඹ මහ නගර සභාවට ඒසි දාන්නම ලක්ෂ 4ක් නගරාධිපතිනී ව්‍රායි කැලී මොකද කියන්නේ ?

මේ සම්බන්ධයෙන්, කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසන්නේ, පොහොර වැඩි මිලට අලෙවි කරන පුද්ගලයින්ට හෝ ආයතනවලට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

එසේම, ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, වැඩි මිලට පොහොර අලෙවි කරන බවට තොරතුරු ලැබෙන අය හෝ ආයතන පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යංශය වහාම දැනුවත් කරන ලෙසයි.

ටීචර් අම්මට සම්මානේ දෙන්න බෑ කියලා වේදිකාව උඩම ලැජ්ජා කරලා - ඇමතිතුමා කරපු හරියක්

ටීචර් අම්මට සම්මානේ දෙන්න බෑ කියලා වේදිකාව උඩම ලැජ්ජා කරලා - ඇමතිතුමා කරපු හරියක්

මෙම තොරතුරු ලබාදීම තුළින් එවැනි පුද්ගලයින්ට හෝ ආයතනවලට එරෙහිව ඉක්මනින් පියවර ගැනීමට හැකිවනු ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි. පොහොර මිල ගණන් පාලනය කිරීම සඳහා රජයේ මැදිහත්වීම ඉතා වැදගත් බව ඒකාබද්ධ ගොවි සංවිධානය අවධාරණය කරයි.

මෙම මැදිහත්වීම ගොවි ජනතාවගේ ආර්ථික තත්ත්වය ආරක්ෂා කිරීමටත්, ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ඵලදායිතාව ඉහළ නැංවීමටත් හේතුවනු ඇති බව ඔවුන්ගේ අදහසයි.

රාජපක්ෂ පවුලට ඇඬෙන්නම නිශාන්ත වික්‍රමසිංහත් රක්ෂිත බන්ධනාගාරෙට

රාජපක්ෂ පවුලට ඇඬෙන්නම නිශාන්ත වික්‍රමසිංහත් රක්ෂිත බන්ධනාගාරෙට

ReeCha