අතුරුදන් ධීවරයන් සොයා විශේෂ මෙහෙයුම්

Sri Lanka Navy Latest Headlines Sinhala news
By Hashini Jun 28, 2025 05:23 AM GMT
Hashini

Hashini

Report

UPDATE 

ගාල්ල සහ කළුතර වෙරළ තීරයේ අතුරුදහන් වූ ධීවරයින් හය දෙනෙකු බේරා ගැනීම සඳහා ආරක්ෂක ලේකම්වරයා SLAF Y 12 ගුවන් යානයක් සහ බෙල්-412 හෙලිකොප්ටරයක් ​​වහාම යෙදවීමට නියෝග කර තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යාංශය විසින් විශේෂ සෝදිසි මෙහෙයුමක් සහ (1/2), (2/2) මෙහෙයුම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ කිමිදුම්කරුවන් ද යොදවා ඇති ගලවා ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

………………………

ධීවර බෝට්ටු දෙකක් අනතුරක - ධිවරයෝත් අතුරුදන්

ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ධීවර යාත්‍රා දෙකක් අනතුරට පත්ව තිබෙනවා.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ දෙවුන්දර ධීවර වරායෙන් පිටත්වූ යාත්‍රාවක් සහ කළුතර ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවකි.

දෙවුන්දර ධීවර වරායෙන් ඊයේ (27) සවස පිටත්ව ගිය යාත්‍රාවේ ධීවර කාර්මිකයින් 5 දෙනෙකු සිට ඇති බවට විශ්වාස කරනු ලබන අතර එම යාත්‍රාව වාණිජ නෞකාවක ගැටී මෙම අනතුර සිදුව ඇති බවටත් සැක පළ කරනු ලබයි.

කෙසේ නමුත් අනතුරින් එක් ධීවරයෙකු මුදවාගෙන ගොඩබිමට රැගෙන විත් ඇති අතර අනෙකුත් ධීවරයින් සිව්දෙනා අතුරුදන්ව ඇතැයිද වාර්තා වේ.

සදුදා විශේෂ පාර්ලිමේන්තු සැසියක් ..ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

සදුදා විශේෂ පාර්ලිමේන්තු සැසියක් ..ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

සිද්ධිය සම්බන්ධව නාවික හමුදාවට දැනුම් දීමෙන් අනතුරුව නාවික හමුදාව විසින් සෝදිසි මෙහෙයුම් යාත්‍රාවක් පිටත් කර යවා ඇති අතර වෙනත් ධීවර යාත්‍රා කිහිපයක්ද මේ වන විටත් අතුරුදන් වූ එම ධීවරයින් සිව්දෙනා සෙවීමේ කටයුතු ආරම්භ කර ඇතැයිද සඳහන් වනවා.

මෙම අනතුර සිදුව ඇත්තේ ගොඩබිම සිට සැතපුම් 20කට ආසන්න මුහුදේයි.

පළමු වනදා සිට බස් රියදුරන්ට ආසන පටි අනිවාර්යයි

පළමු වනදා සිට බස් රියදුරන්ට ආසන පටි අනිවාර්යයි

මේ අතර පොලිසිය පවසන්නේ කළුතර බේරුවල මොරගල්ල ප්‍රදේශයේදී ධීවර කටයුතු සදහා මුහුදු ගිය ධීවර යාත්‍රාවක් පෙරලී එහි ගමන්ගත් ධීවරයින් දෙදෙනකු අතුරුදන්ව ඇති බවයි.

මෙසේ අතුරුදන්ව ඇත්තේ ධනුෂා මැරීන් දරන කුඩා ධීවර බොටුටුවේ ගමන්කල අළුත්ගම ප්‍රදේශයේ පදිංචිව සිටී නදුන් කුමාර සහ ඔහුගේ සහෝදරයා වන දුමින්ද නදුන් කුමාර බව වාර්තා වනවා.

අතුරුදන් පුද්ගලයින් අවට පිරිස් විසින් බෝට්ටු යොදාගනිමින් සොයමින් සිටීන අතර, අනතුරට පත් බෝට්ටුව වෙරළට රැගෙන විත් ඇති බවත් වාර්තා වනවා. 

කොළඹ මහ නගර සභාවට ඒසි දාන්නම ලක්ෂ 4ක් නගරාධිපතිනී ව්‍රායි කැලී මොකද කියන්නේ ?

කොළඹ මහ නගර සභාවට ඒසි දාන්නම ලක්ෂ 4ක් නගරාධිපතිනී ව්‍රායි කැලී මොකද කියන්නේ ?

ReeCha