නවසීලන්තයේ අගනුවරට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර කෙරේ. පාසල් සිසුවෙකුත් ගුහාවක සිරවෙයි. (VIDEO)
New Zealand
Weather
By Wayomi
නවසීලන්තයේ ඕක්ලන්ඩ් අගනුවර හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ, දැඩි වර්ෂා සහිත කාලගුණය හේතුවෙන්.
එමෙන්ම ජල ගැලීම් සමඟ ගුහාවක සිරවී සිටි පාසල් සිසුවෙකු මුදවා ගැනීම සඳහා සහන කණ්ඩායම් විශේෂ මෙහෙයුමක් ද අරඹා තිබෙන බවයි විදෙස් වාර්තා කරන්නේ.
ඕක්ලන්ඩ්හි සිකුරාදා (05) ඇද හැලුණු වර්ෂාව නිසා ගමනාගමනය ඇණහිට ඇති අතර නිවාස සහ ව්‍යාපාරවලට විදුලිය විසන්ධි වී තිබෙනවා.
නගරයට සාමාන්‍ය ගිම්හාන වර්ෂාපතනයෙන් 75%ක් පැය 15ක් තුළ ලැබී ඇති බවයි විදේස් මාධ් වැඩිදුරටත් සඳහන් කරන්නේ.
කුණාටුවේ බලපෑමෙන් යටිතල පහසුකම් සහ හදිසි සේවා අති වී ඇති බවත් නවසීලන්ත ආරක්ෂක බලකාය විපතට පත් පිරිස් ඉවත් කිරීම් සඳහා කටයුතු කරමින් සිටිනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |