තවත් පාසල් කිහිපයක් ආරම්භ කිරීම ගැටළු සහගත තත්වයක? මෙන්න දැන් ලැබුණු ආරංචිය.
බස්නාහිර පළාතේ කොටිකාවත්ත සහ කොළොන්නාව අධ්‍යාපන කලාපවල පාසල් මෙන්ම සහන මධ්‍යස්ථාන ලෙස ක්‍රියාත්මක වන පාසල් ද හෙට (06) වසා තැබෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම රත්නපුර අධ්‍යාපන කලාපයේ, රත්නපුර, කුරුවිට සහ ඇහැලියගොඩ කොට්ඨාසයේ මෙන්ම, නිවිතිගල කලාපයේ ඇලපාත, අයගම කොට්ඨාසවල පාසල් හෙට(06) දිනයේත් වසා තැබෙන බවයි සබරගමුව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ.
කෙසේ වෙතත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලුම පාසල් හෙට (06) ආරම්භ කිරීමට නියමිතයි.