බීමතින් සිටි සිකුරුටි ප්‍රභාකරන්ට බයවී කුටිය ගිනි තියයි

Fire Law and Order Sinhala news
By Mithu Apr 20, 2025 02:37 AM GMT
Mithu

Mithu

Report

 මහරගම නගර මධ්‍යයේ ඇති පෞද්ගලික බැංකුවක් ඇතුළු ආයතන කිහිපයක් පවත්වාගෙන යන ගොඩනැගිල්ලක ආරක්ෂක කුටිය ගිනි තැබූ බව කියන එම ගොඩනැගිල්ලේ ආරක්ෂක නියාමකවරයා (19) දා අත් අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පවසයි.

ඉන්දු- ශ්‍රී ලංකා පාලම හදන්න ලංකාව බෑ කියයි

ඉන්දු- ශ්‍රී ලංකා පාලම හදන්න ලංකාව බෑ කියයි

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතර ප්‍රදේශයේ පදිංචි (32) හැවිරිදි එම ගොඩනැගිල්ලේ ආරක්ෂක නියාමකවරයා බව පොලිසිය කියයි. නිවාඩු දිනයක් බැවින් පෞද්ගලික බැංකුව ඇතුළු ආයතන කිහිපයක් වසා දමා ඇති අතර මෙම පුද්ගලයා පමණක් ගොඩනැගිල්ලේ ආරක්ෂාවට රැඳී සිට ඇතැයි පැවසේ. ඒ අතරතුරදී සවස 02.30 පමණ ආරක්ෂක නියාමකවරයා රැඳී සිටින මුර කුටියේ ප්‍රභාකරන් රැදී සිටින බව පවසා ගිනි ඇවිලෙන සුළු කිසියම් ද්‍රාවණයක් යොදා ගිනි තබා ඇතැයි පැවසේ.

ගින්නෙන් මුරකුටිය තුළ තිබූ ඇදක්, මේසයක්, පුටුවක් පොත් පත් කිහිපයකට හා ආරක්ෂක නියාමකවරයාගේ රෙදි පිළි තොගයකට පමණක් ගිනි ඇවිලී ඒවා සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර ඉන් කිසිවකුටත් හානියක් සිදුව නොමැති බව පොලිසිය පවසයි. ගින්න සිදුවීමත් සමඟ කෝට්ටේ මහ නගර සභාවට අයත් ගිනි නිවීම් ඒකකයේ කාර්ය භාර නිලධාරී ජී.ඩී.ඩී.පී.ගලගෙදර මහතා ඇතුළු නිලධාරීන් අට දෙනකු ගිනි නිවීම් රථ දෙකක් සමග පැමිණ ගින්න සම්පූර්ණයෙන්ම නිවා දැමූ බව කියයි.

කරුණා සහ පිල්ලයාන් සුවර් නැහැ... දෙන්නම අපරාධකරුවන් (VIDEO)

කරුණා සහ පිල්ලයාන් සුවර් නැහැ... දෙන්නම අපරාධකරුවන් (VIDEO)

සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඔහු අධික ලෙස මත්ද්‍රව්‍ය පානය කොට සිහි මුර්ජා ගතියෙන් හැසිරී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර එම කුටියේ ප්‍රභාකරන් රැඳී සිටි නිසා තමා ඊට ගිනි තැබූ බව පොලිසියට පවසා තිබේ. අත් අඩංගුවට ගත් සැකකරු අධිකරණ වෛද්‍ය නිලධාරීවරයකු වෙත යොමු කොට වෛද්‍ය වාර්තාවක් ලබාගෙන නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ReeCha