මාලදිවයින් ගුවන් සේවය සහ ශ්‍රීලංකන් එකතුවෙයි - සංචාරකයන්ට බාධාවකින් තොරව ගමන් කරන්න දැවැන්ත පහසුකමක්

Report

ශ්‍රීලංකන් ගුවන් සේවය සහ මාලදිවයින් අතර නව අන්තර් මාර්ග ගිවිසුමක් ශ්‍රීලංකන් ගුවන් සේවය මාලදිවයිනේ ජාතික ගුවන් සේවය වන අයිලන්ඩ් ඒවියේෂන් සර්විසස් (Maldivian – Q2) සමඟ නව අන්තර් මාර්ග (Interline) ගිවිසුමකට එළඹ තිබේ. එමඟින් මගීන්ට මාලදිවයිනේ දේශීය ගමනාන්ත 17ක් වෙත තනි වෙන්කරවා ගැනීමක් යටතේ පහසුවෙන් ගමන් කිරීමේ අවස්ථාව හිමිවේ.

මෙම ගිවිසුම මඟින් ශ්‍රීලංකන් ගුවන් සේවය සහ මාලදිවයින් ගුවන් සේවය ඒකාබද්ධ කරමින්, මාලේහි වේලානා ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ ගන් ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා දේශීය ගුවන් ගමන් සම්බන්ධ කරගැනීමට මගීන්ට හැකි වනු ඇත.

නිලධාරීන් පවසන්නේ, මෙම හවුල්කාරිත්වය මඟින් විවේක සහ ව්‍යාපාරික සංචාරකයන්ට බාධාවකින් තොරව ගමනාන්තය දක්වාම ගමන් කළ හැකි පහසු සහ කාර්යක්ෂම සංචාරක අත්දැකීමක් ලබාදෙන බවයි. ශ්‍රීලංකන් ගුවන් සේවයේ ජාත්‍යන්තර ගුවන් ජාලය මාලදිවයිනේ දේශීය ගුවන් සේවා ජාලය සමඟ සම්බන්ධ කිරීම හරහා ජනප්‍රිය මෙන්ම දුරස්ථ දූපත් ගමනාන්ත වෙත ප්‍රවේශය තවදුරටත් පුළුල් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම ගිවිසුම සංචාරක නියෝජිතයන්, සංචාරක ක්‍රියාකරුවන්, ආයතනික සංචාර සැලසුම්කරුවන් සහ තනි මගීන් සඳහා නව ව්‍යාපාරික හා සංචාරක අවස්ථා නිර්මාණය කරන අතර, මාලේ සහ ගන් මාර්ග ඔස්සේ මගී ගමනාගමනය ඉහළ නැංවීමටද දායක වනු ඇත.

දැනට ශ්‍රීලංකන් ගුවන් සේවය වේලානා ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත දිනකට ගුවන් ගමන් තුනක් සහ ගන් ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත සතියකට ගුවන් ගමන් දෙකක් ක්‍රියාත්මක කරයි. එමඟින් මාලදිවයින සහ ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගෝලීය ජාලය අතර ශක්තිමත් සම්බන්ධතාවක් පවත්වාගෙන යයි.

මෙම හවුල්කාරිත්වය දකුණු ආසියාවේ සංචාරක සම්බන්ධතා ශක්තිමත් කිරීම සහ මගීන්ට වැඩි පහසුවක් ලබාදීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවය අනුගමනය කරන කලාපීය ව්‍යාප්ති උපායමාර්ගයේ තවත් වැදගත් පියවරක් ලෙස සැලකේ. ශ්‍රීලංකන් ගුවන් සේවයේ වාණිජ ප්‍රධානී දිමුතු තෙන්නකෝන් මහතා පැවසුවේ, මෙම ගිවිසුම මඟින් කලාපීය ජාලය පුළුල් කිරීමත්, ගනුදෙනුකරුවන්ට වඩාත් පහසු සංචාරක අත්දැකීමක් ලබාදීමත් සම්බන්ධයෙන් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් වන බවයි.

“මාලදිවයිනේ දේශීය ගුවන් ජාලය සමඟ අපගේ ගෝලීය ගුවන් ජාලය සම්බන්ධ කිරීමෙන් මාලදිවයින පුරා ගමනාන්ත රැසකට ප්‍රවේශය විවෘත වන අතර, වාණිජමය වශයෙන්ද නව වර්ධන අවස්ථා රැසක් උදා වේ,” යැයි ඔහු සඳහන් කළේය.

මාලදිවයින් ගුවන් සේවයේ කළමනාකාරිනී නයෝමි තෙන්නකෝන් මහත්මිය පැවසුවේ, මෙම අන්තර් මාර්ග හවුල්කාරිත්වය හරහා මාලේ සහ ගන් දූපත් ඔස්සේ ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගෝලීය ජාලයට මගීන්ට සෘජුවම සම්බන්ධ විය හැකි බවයි.

“දැන් මගීන්ට තනි ගමන් සැලැස්මක් යටතේ මාලදිවයිනේ විවිධ දූපත් වෙත බාධාවකින් තොරව ගමන් කරමින් එරට සැබෑ සුන්දරත්වය අත්විඳිය හැකියි,” ඇය පැවසුවාය. ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහන් කළේ, සිය ජාලය සහ උපායමාර්ගික හවුල්කාරිත්වයන් තවදුරටත් පුළුල් කිරීම හරහා කලාපීය සහ ජාත්‍යන්තර මගීන්ට වැඩි පහසුවක්, වඩා හොඳ සම්බන්ධතාවක් සහ ඉහළ වටිනාකමක් ලබාදීමට කැපවී සිටින බවයි.

“මේක ඇත්තටම දූෂණයක්” - අධිකරණ පද්ධතියේ වෙනස්කම්වලට එරෙහිව නීතීඥ සංගමයේ සභාපතිගෙන් දැඩි ප්‍රහාරයක්

“මේක ඇත්තටම දූෂණයක්” - අධිකරණ පද්ධතියේ වෙනස්කම්වලට එරෙහිව නීතීඥ සංගමයේ සභාපතිගෙන් දැඩි ප්‍රහාරයක්

දැනට ශ්‍රීලංකන් ගුවන් සේවය කේත හුවමාරු (Codeshare) හවුල්කාරිත්වයන් ඇතුළුව රටවල් 63ක ගමනාන්ත 130කට මගීන් සම්බන්ධ කරන අතර, සෘජු ගුවන් සේවා මාර්ග 33ක් ක්‍රියාත්මක කරයි.

එහි ගුවන් ජාලය යුරෝපය, ඕස්ට්‍රේලියාව, මැද පෙරදිග, ඉන්දියානු උපමහාද්වීපය, අග්නිදිග ආසියාව සහ ඈත පෙරදිග දක්වා විහිදී ඇති අතර, A330-200/300 සහ A320/321 වර්ගයේ එයාර්බස් ගුවන් යානා ඇණියක් මඟින් සේවා සපයයි.