මඟුලට ලැබුණු තෑග්ග නිසා මධුසමයත් එපා වෙලා. නිදි වර්ජිතව මුළු රැයම ගෙවලා...
මධුසමය දිනයේ රාත්‍රීයේ තෑග්ගක් ලෙස ලැබුණු ස්මාර්ට් ජංගම දුරකථනයක් නිසා තරුණ යුවළකට නිදි වර්ජිතව මුළු රැයම ගෙවීමට සිදු වූ පුවතක් වාර්තා වෙනවා. සිද්ධියට අනුව වසර ගණනාවක පෙමින් වෙළුණු මෙම යුවළගේ පෙම පලදරමින් මහනුවර ආසන්නයේ හෝටලයක උත්කර්ෂවත් ලෙස පැවැත් වූ විවාහය මංගල උත්සවයකින් අවසන් විය.
මනාල යුවළ මධුසමය සඳහා සීත කඳුකර පෙදෙසක හෝටලයක් කරා ගියහ. දවසේ විඩාව උණු දියෙන් නිවාගත්යුවළ දවසේ තොරතුරුපිළිබඳව ආවර්ජනය කරන්ට වූහ. ඔවුන්ට විදේශීය මිතුරකුගෙන් ත්‍යාගයක් ලෙස ලැබුණු නවීන පන්නයේ සුහුරු ජංගම දුරකථනය මතක් වන්නට විය. මංගල දිනයේ වූ සොඳුරු මතකයන් එම නවීන පන්නය් සුහුරු ජංගම දුරකථයේ ගබඩාකරතිබු අතර ඒවා නැරඹීමට ඔවුන් අතර එකඟතාවක් ඇති විය.
ඒ අනුව දුරකථනය ගෙන ක්‍රියාත්මක කළ අතර එහි ආරක්ෂාව වෙනුවෙන් මුර පදය ලෙස යොදා තිබුණේ මනාලිය වූ තරුණියගේ මුහුණයි. කිහිප විටක් දුරකථනයේ ආරක්ෂක අගුල විවෘත කිරීමට තම මුහුණ වෙත ළං කළත් එය සක්‍රීය නොවිණි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |