ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් ලේක් හවුස් පුවත්පත් බෙදා හැරීම අරඹයි
By Kanchana
ශ්‍රී ලංකා ගුවන් සේවයේ (SriLankan Airlines) ව්‍යාපාරික පන්තියේ (Business Class) ගමන් කරන මගීන් වෙත ලේක් හවුස් දෛනික ජාතික පුවත්පත් බෙදා හැරීම ඔක්තෝබර් 01වැනිදා සිට ආරම්භ කර ඇත.
මේ යටතේ ගුවන් මගීන්ට දිනමිණ, Daily News සහ තිනකරන් යන ජාතික පුවත්පත් පරිශීලනයට අවස්ථාව උදා වී තිබේ
මෙම වැඩපිළිවෙල ඔස්සේ ශ්‍රී ලාංකේය මෙන්ම විදෙස් මගීන්ට ද ගුවන් ගමන් අතරතුර නවතම දේශීය හා ජාත්‍යන්තර ප්රවෘත්ති දැන ගැනීමේ අවස්ථාව උදා වෙනු ඇත.