රනිල්ගේ සිංගප්පූරු ගමනේ පැටිකිරිය මෙන්න

Report

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (05) සිංගප්පූරුව බලා පිටත්වීමට නියමිත බව ඔහුට සමීප ආරංචි මාර්ග උපුටා දක්වමින් වාර්තා පළ වී තිබෙනවා.

එම වාර්තාවලට අනුව, මෙය පෞද්ගලික සංචාරයක් වන අතර, සිංගප්පූරුවේදී සාමාන්‍ය වෛද්‍ය පරීක්ෂණයකටද රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වීමට නියමිතයි.

මේ අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියද පසුගිය සැප්තැම්බර් 16 වනදා වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබෙනවා. ඇය සිංගප්පූරුවේදී වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා බව ඇය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා විසින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට දැනුම් දී තිබුණා.

ශිරන්ති සොයා රනිල් සිංගප්පූරු යන කතාව දේශපාලන වේදිකාවේ උණුසුම් වෙයි

ශිරන්ති සොයා රනිල් සිංගප්පූරු යන කතාව දේශපාලන වේදිකාවේ උණුසුම් වෙයි

ශිරන්ති රාජපක්ෂ මහත්මිය සම්බන්ධයෙන් ‘සිරිලිය සවිය’ පදනමේ මූල්‍ය ගනුදෙනු පිළිබඳ විමර්ශනයක් සිදුකෙරෙමින් පවතින අතර, ඇයට ප්‍රකාශයක් ලබාදීම සඳහා කැඳවීමක්ද සිදුකර තිබූ බව වාර්තා වී තිබෙනවා.

මෙවැනි පසුබිමක රනිල් වික්‍රමසිංහ මහතාගේ සිංගප්පූරු සංචාරයද මේ වනවිට දේශපාලන කරළියේ සහ සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්ව තිබෙනවා.

කෙසේ වෙතත්, රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙම සංචාරය ශිරන්ති රාජපක්ෂ මහත්මිය සම්බන්ධයෙන් පවතින කිසියම් කරුණක් සමඟ සම්බන්ධ බවට තහවුරු කළ නිල තොරතුරක් මෙතෙක් වාර්තා වී නොමැති අතර, ඔහුගේ සංචාරයේ ප්‍රකාශිත හේතුව වන්නේ පෞද්ගලික කටයුතු සහ සාමාන්‍ය වෛද්‍ය පරීක්ෂණයක් බවයි වාර්තා වන්නේ.

නිදහස් චතුරශ්‍රය අසළ පෙත්සමකට අත්සන් ලබාගැනීමේදී පොලිසිය සහ පිරිසක් අතර උණුසුම් තත්ත්වයක්

නිදහස් චතුරශ්‍රය අසළ පෙත්සමකට අත්සන් ලබාගැනීමේදී පොලිසිය සහ පිරිසක් අතර උණුසුම් තත්ත්වයක්