මේ රියදුරු බලපත්‍ර ලංකාවේදි පිළි නොගනී.. තාවකාලික රියදුරු බලපත්‍ර ගැටලුවෙන් දැවැන්ත අර්බුදයක්

Report

ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය සංචාරකයන්ට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී තාවකාලික රියදුරු බලපත්‍ර ලබාගැනීමේදී ගැටලු මතුව ඇති බව වාර්තා වේ.

එයට හේතුවී ඇත්තේ ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකින් නිකුත් කරන ඩිජිටල් රියදුරු බලපත්‍ර මෙරට තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය මඟින් මේ වනවිට පිළි නොගැනීමයි.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කවුන්ටරය මඟින් තාවකාලික බලපත්‍රයක් ලබාගැනීමට අදාළ රට විසින් නිකුත් කළ භෞතික රියදුරු බලපත්‍රයක් ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.

මේ අතර ප්‍රමුඛ පෙළේ ගමනාන්ත කළමනාකරණ සමාගමක නියෝජිතයෙකු සඳහන් කළේ ශ්‍රී ලංකාවේ විශාලතම සංචාරක වෙළෙඳපොළ වන ඉන්දියාවෙන් පැමිණෙන සංචාරකයන් මෙම ගැටලුවට වැඩි ලෙස මුහුණ දෙන බවයි.

කොළඹට රතු එළි - විහාරමහාදේවි උද්‍යානයට එන ජනතාවගේ ජීවිත අනතුරේ - බරපතළ අර්බුදයක්

කොළඹට රතු එළි - විහාරමහාදේවි උද්‍යානයට එන ජනතාවගේ ජීවිත අනතුරේ - බරපතළ අර්බුදයක්

එසේම ඔහු සඳහන් කළේ,

“ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා කුලී රථ සේවා භාවිත කරනවා. තාවකාලික බලපත්‍රය ලබාගැනීමට කවුන්ටරයට ගියත්, ඩිජිටල් රියදුරු බලපත්‍රය පිළි නොගන්නා නිසා ඔවුන් ආපසු හරවා යවනවා. මෙය රජයට ලැබිය හැකි ආදායම අහිමි වීමටත් හේතුවක්,”

ශිරන්ති බියෙන් - ලංකාවට එද්දි ගුවන්තොටුපොළේදිම අත්අඩංගුවට ගනී කියලා කල් තියා අධිකරණයට ඉල්ලීමක්

ශිරන්ති බියෙන් - ලංකාවට එද්දි ගුවන්තොටුපොළේදිම අත්අඩංගුවට ගනී කියලා කල් තියා අධිකරණයට ඉල්ලීමක්

තවද බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ කවුන්ටරයෙන් වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලයට යොමු කළ ඇතැම් සංචාරකයන්ටද බලපත්‍ර ලබාගැනීමට නොහැකි වී ඇති බව පැවසූ ඔහු,

“අද බොහෝ ඉන්දීය සංචාරකයන් විශාල මුදල් ප්‍රමාණයක් රැගෙන එන්නේ නැහැ. ඇතැම් අවස්ථාවල භෞතික ක්‍රෙඩිට් කාඩ්පත් පවා රැගෙන එන්නේ නැහැ. ඔවුන් මූල්‍ය ගනුදෙනු ජංගම දුරකථන හෝ ස්මාර්ට් ඔරලෝසු හරහා සිදු කරනවා.” යනුවෙන් කියා සිටි බව සඳහන්.

මේ අතර මෝටර් රථ කුලියට ලබාදෙන සමාගම් නියෝජිතයෙකු සඳහන් කර ඇත්තේ මෙම තත්ත්වය එම කර්මාන්තයටද බලපා තිබෙන බවයි.

ඇතැම් සංචාරකයන් Google Maps ඇතුළු සංචාලන යෙදුම් භාවිත කරමින් තමන් විසින්ම රිය පැදවීමට කැමැත්තක් දක්වන බවද ඔහු ප්‍රකාශ කර ඇත.

එමෙන්ම විදේශීය සංචාරකයන්ට තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී තිබෙන අතර, ඒ වෙනුවෙන් රුපියල් 15,000කින් ආරම්භ වන ගාස්තු අය කෙ‍රෙන බව සඳහන්.

අද පස්වරුවේ චීවරය ඉවත්කර ඥානසාර හිමිට ජම්පරය අන්දයි - බන්ධනාගාරයෙන් ප්‍රකාශයක්

අද පස්වරුවේ චීවරය ඉවත්කර ඥානසාර හිමිට ජම්පරය අන්දයි - බන්ධනාගාරයෙන් ප්‍රකාශයක්

එසේම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු නිලධාරියෙකු කියා ඇත්තේ ඉන්දියාව, පාකිස්ථානය සහ තවත් රටවල් කිහිපයක ඩිජිටල් රියදුරු බලපත්‍ර පද්ධති සමඟ සම්බන්ධ වීමට මෙරට පද්ධතිය තවමත් සූදානම් නොමැති බවයි.

“එම පද්ධති කිහිපයක් පිළිගෙන ඒවා සමඟ සම්බන්ධ වීමට අපේ පද්ධතිය තවමත් සූදානම් නැහැ. කෙසේ වෙතත්, එය නිවැරදි කිරීමේ කටයුතු මේ වනවිට සිදු කෙරෙමින් පවතිනවා. ඒ සඳහා නව උපකරණ කිහිපයක්ද අවශ්‍යයි,”

මේ අතර ශ්‍රී ලංකාව ඩිජිටල්කරණය කරා ගමන් කරන පසුබිමක මෙම ගැටලුව කඩිනමින් විසඳිය යුතු බව ICT ක්ෂේත්‍රයේ නියෝජිතයෝ පෙන්වා දෙන අතර සංචාරකයන්ට සිදුවන අපහසුතා මෙන්ම තාවකාලික බලපත්‍ර සහ මෝටර් රථ කුලියට දීම ඔස්සේ රජයට හා කර්මාන්තයට අහිමි විය හැකි ආදායමද එමඟින් වළක්වා ගත හැකි බව ඔවුන් සඳහන් කරයි.

"පස් කණ්ඩියට වැදිලා කෝච්චිය විසික් වුණා" හිටිහැටියේම සීඝ්‍රගාමී දුම්රිය පීලි පනී

"පස් කණ්ඩියට වැදිලා කෝච්චිය විසික් වුණා" හිටිහැටියේම සීඝ්‍රගාමී දුම්රිය පීලි පනී