ශිරන්ති බියෙන් - ලංකාවට එද්දි ගුවන්තොටුපොළේදිම අත්අඩංගුවට ගනී කියලා කල් තියා අධිකරණයට ඉල්ලීමක්

Report

ප්‍රකාශයක් ලබා දීම වෙනුවෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට (FCID) පැමිණෙන ලෙස දැනුම් දී ඇති පසුබිමක, රෝගී තත්ත්වයක් නිසා ප්‍රතිකාර ලබා ගැනීමට විදෙස්ගතව සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ විසින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ අද (05) දින අපේක්ෂිත ඇප අයැදුම්පත්‍රයක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙම අපේක්ෂිත ඇප අයැදුම්පත්‍රයක් ඉදිරිපත් කර ඇත්තේ ඕනෑම ඇප කොන්දේසියක් යටතේ තමන් ඇප මත මුදා හරින ලෙස ඉල්ලමින් බව සඳහන්.

කොළඹට රතු එළි - විහාරමහාදේවි උද්‍යානයට එන ජනතාවගේ ජීවිත අනතුරේ - බරපතළ අර්බුදයක්

කොළඹට රතු එළි - විහාරමහාදේවි උද්‍යානයට එන ජනතාවගේ ජීවිත අනතුරේ - බරපතළ අර්බුදයක්

එම ඉල්ලීම මාලිගාකන්ද මහේස්ත්‍රාත් ජනනි පෙරේරා ඉදිරියේ අද (05) දින කැඳවා තිබුණ අතර නීතිඥ ජයබාලන් විසින් ඉදිරිපත් කර ඇති මෙම පැමිණිල්ලේ වගඋත්තරකරු වශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂවරයා නම් කර තිබෙනවා.

එමෙන්ම පැමිණිලිකරු ලෙස මේරි ලුවිස් ශිරන්ති රාජපක්ෂ නම් කර ඇත.

විදෙස්ගතව සිට නැවත ලංකාවට පැමිණීමේදී පොලිසිය විසින් ගුවන්තොටුපොළේදී තමන්ව අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් පවතිනු ඇති බැවින්, ඕනෑම කොන්දේසියක් යටතේ ඇප මත මුදා හරින ලෙස පැමිණිකාරිය සිය පැමිණිල්ලෙන් ඉල්ලා ඇති බව සඳහන්.

නැවතුණු උඩරට දුම්රිය ගමන ගැන දුම්රිය දෙපාර්තමේන්තුවෙන් මගීන්ට විශේෂ නිවේදනයක් - අද හවසට යළි ඇරඹෙයි

නැවතුණු උඩරට දුම්රිය ගමන ගැන දුම්රිය දෙපාර්තමේන්තුවෙන් මගීන්ට විශේෂ නිවේදනයක් - අද හවසට යළි ඇරඹෙයි

"පස් කණ්ඩියට වැදිලා කෝච්චිය විසික් වුණා" හිටිහැටියේම සීඝ්‍රගාමී දුම්රිය පීලි පනී

"පස් කණ්ඩියට වැදිලා කෝච්චිය විසික් වුණා" හිටිහැටියේම සීඝ්‍රගාමී දුම්රිය පීලි පනී