බාබ් අල්-මන්ඩෙබ් සමුද්‍ර සන්ධිය ආසන්න ප්‍රදේශයක බලය යේමන රජයේ හමුදා

Report

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා අද (05) දිනයේදී බාබ් අල්-මන්ඩෙබ් සමුද්‍ර සන්ධියේ පිහිටි වැදගත් ස්ථාන කිහිපයක බලය තහවුරු කරගත් බව හමුදා සහ රාජ්‍ය ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

සෞදි නායකත්වය දරන සන්ධාන හමුදාවල දැඩි ගුවන් ප්‍රහාරක සහාය ඇතිව, බාබ් අල්-මන්ඩෙබ් සමුද්‍ර සන්ධියට ඉහළින් පිහිටි දුබාබ් දිස්ත්‍රික්කයේ වැඩි කොටසක බලය රජයේ හමුදා විසින් අත්පත් කරගෙන තිබේ.

මේ අය ගැන දන්නවනම් වහාම දැනුම්දෙන්න - සියලු තොරතුරු මෙන්න

මේ අය ගැන දන්නවනම් වහාම දැනුම්දෙන්න - සියලු තොරතුරු මෙන්න

ජාත්‍යන්තරව පිළිගත් යේමන රජය ඉරිදා දිනයේදී අහිමි වූ ප්‍රදේශ නැවත අත්පත් කරගැනීමේ මෙහෙයුම ආරම්භ කළ අතර, හූති පාලනප්‍රදේශ දෙසට රජයේ හමුදා ඉදිරියට පැමිණීම හූති හිතවාදී මාධ්‍ය මීට පෙර ප්‍රතික්ෂේප කර තිබුණි.

එක්සත් ජනපද-ඉරාන ගැටුමේ බලපෑමත් සමඟ යේමන සිවිල් යුද්ධය නැවත ඇවිළී ඇති අතර, හූති සංවිධානය බාබ් අල්-මන්ඩෙබ් සමුද්‍ර සන්ධිය අත්පත් කරගැනීමට උත්සාහ කරමින් සෞදි යටිතල පහසුකම් වෙත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරමින් සිටියි.

ශිරන්ති බියෙන් - ලංකාවට එද්දි ගුවන්තොටුපොළේදිම අත්අඩංගුවට ගනී කියලා කල් තියා අධිකරණයට ඉල්ලීමක්

ශිරන්ති බියෙන් - ලංකාවට එද්දි ගුවන්තොටුපොළේදිම අත්අඩංගුවට ගනී කියලා කල් තියා අධිකරණයට ඉල්ලීමක්

ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම නිසා ගල්ෆ් කලාපයේ බලශක්ති අපනයනයට බාධා පැමිණ ඇති පසුබිමක, මෙම සටන් හේතුවෙන් ලෝක වෙළඳපොළේ තෙල් මිල තවදුරටත් ඉහළ යාමේ දැඩි අවදානමක් මතුව ඇත.