ශ්‍රී ලංකා කණ්ඩායමට විශිෂ්ඨ ජයක්...
By Sithumi
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර අද පැවැති පන්දුවාර විස්සයි විස්ස තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුළු 4ක ජයක් හිමිවුණා.
ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ලකුණු 175 රැස් කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායම එම ලකුණු සීමාව පසු කරමින් තරගය ජයග්‍රහණය කළ. ඒ ලකුණු 179ක් රැස් කරමින්.
ඒ අනුව ආසියානු කුසලාන තරගාවලියේ පෙරමුණ ලබාගැනීමට ශ්‍රී ලංකාව අද සමත් වුණා .
කුසල් මෙන්ඩිස් ලකුණු තිස් හයක් ද
පැතුම් නිශ්ශංක ලකුණු 35 ක් ද
ධනුෂ්ක ගුණතිලක ලකුණු 33ක් ද
රැස් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවීමට සමත් වුණා.