ලකුණු කැපෙන රථවාහන වැරදි මෙන්න.. සියලු රියදුරන් දැනගත යුතුම දේ..
රියදුරන් සිදුකරන රථ වාහන වැරදි අනුව ඔවුන්ට දඬුවම් පැමිණවීම සඳහා දඩ ලකුණු ක්‍රමවේදයක් ලබන මාර්තු මස සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිෂාන්ත අනුරුද්ධ වීරසිංහ මහතාපවසනවා.
ඒ අනුව දඩ ලකුණු 24ක් රැස්කරගන්නා අයෙකුගේ වසරක කාලයක් සඳහා රියදුරු බලපත්‍රය අහෝසි කිරීමට නියමිතයි.
මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම සහ දඩ මුදල් එම මොහොතේම අයකර ගැනීමට නවීන තාක්ෂණික උපකරණ ද පොලිස් නිලධාරීන්ට ලබාදීමට ද සැලසුම් කර අවසන් අතර මෙරට මාර්ග අනතුරු හේතුවෙන් වසරකට අහිමිවන ජීවිත සංඛ්‍යාව ආසන්න වශයෙන් 3,000 ඉක්මවනු ලැබීම මෙම තීරණය සදහා බලපා තිබෙනවා.
ඒ අනුව, නියමිත සංඥා ලබා නොදීම හෝ වැරදි සංඥා ලබාදීම, ජංගම දුරකථන භාවිතය, අනතුරක් වළක්වා ගැනීමට අසමත්වීම, ආසන පටි නොපැළදීම සහ අධික ශබ්දය යන වැරදි සඳහා ලකුණු 3ක් රියදුරු බලපත්‍රයට එකතු වනවා එමෙන්ම නියමිත මං තීරුවේ ධාවනය නොකිරීම, වැරදි ලෙස ඉස්සර කිරීම, ඉස්සර කිරීම සඳහා ඉඩ ලබානොදීම, මංසන්ධියකට අදාළ නීතී කඩකිරීම, එක් මාර්ගයක සිට වෙනත් මාර්ගයකට ගමන් කිරීමට අදාළ රීති කඩකිරීම ආදී වැරදි සඳහා ලකුණු 4ක් හිමිවනවා. එසේම මෝටර් රථයක් දිගු දුරක් පසුපසට ධාවනය කිරීම ( REVERS කිරීම), සුළු අනතුරු ළඟම පොලිස් ස්ථානයට වාර්තා නොකිරීම, පොලිස් නිලධාරීයෙකුගේ උපදෙස් හා හස්ත සංඥා අනුගමනය නොකිරීම යන වැරදි සඳහා ද ලකුණු 4ක් එක් කෙරෙනවා.
මේ අතර අධික වේගයෙන් රිය පැදවීමේ වරදට වේග සීමා අනුව ලකුණු 4ත් 8ත් අතර ප්‍රමාණයක් හිමි වෙයි. වලංගු රක්ෂණ සහතිකයක් නොමැතිව රිය පැදවීම, අධික වේගය, මාර්ග යෝග්‍යතාව නොමැති වාහන ධාවනයක් ( අනතුරක් විය හැකි ආකාරයෙන් ධාවනය), අපරික්ෂාකාරී ධාවනය හා නොසැලකිලිමත් ලෙස ධාවනය යන වැරදි සඳහා ලකුණු 6ක ප්‍රමාණයක් ලබාදීමට නියමිතයි මාර්ග අනතුරකින් පසු වාහනය නතර නොකිරීම, (Hit & Run) අදාළ තොරතුරු ඉදිරිපත් නොකිරීම, තුවාල ලැබුවන් රෝහල වෙත හෝ වෛද්‍යවරයෙකු වෙතට රැගෙන නොයෑම, ළඟම ඇති පොලීසිය වෙත අනතුර වාර්තා නොකිරීම සඳහා හිමිවන ලකුණු ප්‍රමාණය ලකුණු 10ක්.
එමෙන්ම අදාළ වරදට හසුවන රියදුරන්ගේ ලකුණු ප්‍රමාණය සලකුණු කිරීමටත් දඩ මුදල එම අවස්ථාවේදීම ගෙවීම සඳහාත් නව උපකරණයක් පොලිස් නිලධාරීන් වෙත ලබාදීමට නියමිතයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |