එක් පළාතක වාහන හිමියන්ට ලැබුණු විශේෂ පණිවිඩය
By Sithumi
මධ්‍යම පළාතේ ලියාපදිංචි වාහන සඳහා ආදායම් බලපත්‍ර ලබාගැනීමට සහන කාලයක් ලබාදී තිබේ.
ඒ අනුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ මධ්‍යම පළාතේ ලියාපදිංචි වාහන සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේදී ලබන මස 5 වනදා දක්වා සහන කාලය ලබාදී ඇති බවය.
රට තුළ පවතින ඉන්ධන හිඟය සැළකිල්ලට ගනිමින් වාහන ආදායම් බලපත්‍ර අලුත් කිරීමේදි මුහුණදෙන දුෂ්කරතා සැළකිල්ලට ගනිමින් එම සහන කාලය ලබාදීමට තීරණය කර තිබේ
.
ඒ අනුව අදාල කාලය තුළ ආදායම් බලපත්‍ර ලබාගත යුතු වාහන සදහා දඩ මුදල් අය නොකර බලපත්‍ර ලබාගැනීමට මෙලෙස අවස්ථාව සලසා දී තිබේ.