පාලි හා බෞද්ධ වි.වි ගැන ගත් විශේෂ තීරණටය..

By Sithumi Dec 29, 2022 06:16 PM GMT
Sithumi

Sithumi

Report

නිකායික මහානායක හිමිවරුන් සමග කළ සාකච්ඡාවේදී බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරීම කෙරෙහි අවධානය යොමුවූ බව එම විශ්වවිද්‍යාලයේ උප කුලපති, පූජ්‍ය නෙළුවේ සුමනවංශ හිමියන් අද (29) පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවා.  

උන්වහන්සේගේ අදහස් පහතින් ,  

"පනත සංශෝධනය කරන්න කියලා.. මහානායක හාමුදුරුවරු හතරනම ම හමුවුණා. උන්වහන්සේලාගේ අනුශාසනා ලැබුණේ පනත සුදුසු පරිදි වෙනස් කරන්න. ඉදිරියේදී අවශ්‍ය වෙනස්කම් කරනවා. උන්වහන්සේලා අදහස් කරගෙන ඉන්නේ.. ගිහි ළමයි ඉන්න නිසා තමයි මේ වගේ තත්ත්වයක් විශ්වවිද්‍යාලයේ තියෙන්නේ කියලා. රනිල් වික්‍රමසිංහ මහතා අපිට මේකට මොනවත් කියලා නැහැ. එතුමාගේ සම්බන්ධයක් නැහැ."  

එමෙන්ම, බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය නැවත විවෘත කළ යුත්තේ සියලු ගැටලු විසඳීමෙන් පසුව බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා කියා සිටියා.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ අදහස් පහතින්,

   "පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලය නැවත ආරම්භ කළ යුත්තේ ප්‍රශ්න සියල්ලක්ම හමාර කරලයි. ඒක මගේ අදහස. අතළොස්සක් විසින් සමස්ත බහුතරය පාලනය කරන තත්ත්වය ඉවත් කිරීම සිදුවිය යුතුයි. මේ විදිහට විශ්වවිද්‍යාලයක් පවත්වාගෙන ගිහින් වැඩක් නැහැ. ඒ නිසා එය නිවැරදි කරන්න ඕනේ."