මත්පැන් වලට ඇදිරියේ සිදුවුයේ දේ...

srilanka exercise premes pranandu
By Nimal Aug 21, 2021 07:50 AM GMT
Nimal

Nimal

Report

ඇදිරිනීති සමයේ හොරට වැඩි මිලට අලෙවි කිරීම සදහා රැගෙන යාමට සුදානම් කර තිබු රුපියල් අසුහතර දාහක් (84 000/) ක් වටිනා මත්පැන් තොගයක් සමගින් සැකකරුවන් දෙදෙනකු කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් මත්පැන් තොගයේ රජයේ අරක්කු මිලි ලීටර් 31,500 (බෝතල් 42) ක් තිබු බව කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරීක්ෂක ප්‍රිමේෂ් ප්‍රනාන්දු මහතා පවසයි.මත්පැන් වලට ඇදිරියේ  සිදුවුයේ  දේ... | Srilanka Transprost

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාම මාලඹේ ප්‍රදෙශයේ පදංචි අවුරුදු 35 ක් හා 40 වයස් කාණ්ඩවල පසුවු සිංහල ජාතිකයින් වේය. එක් පුද්ගලයෙකු හට ලග තබාගතහැකි අනුමත දේශීය මත්පැන් සීමාව වන මිලි ලීටර් 7,500 ක සීමාව ඉක්මවා ලගතබාගැනීම හේතුවෙන් අත්අඩිංගුවට ගැනීමට සුරාබදු නිලධාරීන් සමත්වී ඇත. සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඇදිරි නීති සමයේ මත්පැන් වැඩි මිලට අලෙවි කිරිමේ ප්‍රරමාර්ථය ඇතිව රැගෙන යන බව සුරාබදු නිලධාරීන් ඉදිරියේ පාපොච්ජාරණය කර තිබේ.

සැකකරුවන් දෙදෙනා ඉදිරියේදී කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සුරාබදු කොමසාරිස් ජනරාල් තුමාගේ හා සුරාබදු කොමසාරිස් (නීති ක්‍රියාත්මක කිරීම) කපිල කුමාරසිංහ , නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් (නීති ක්‍රියාත්මක කිරීම) ගාමිණී අධිකාරී , කොළඹ විශේෂ මෙහෙයුම් ඒ්කකයේ සුරාබදු අධිකාරී එච්.එච්.ඩී.ජයවර්ධන යන මහත්වරුන්ගේ උපදෙස් මත කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති, ප්‍රධාන සුරාබදු පරීක්ෂක ප්‍රිමේෂ් ප්‍රනාන්දු මහතාගේ අධීක්ෂණය යටතේ සුරාබදු කෝප්‍රල් 997 නිලන්ත ,කෝප්‍රල් 828 හර්ෂ, සුරාබදු නියාමක රියදුරු හේරත් යන මහත්වරු මෙම වැටලීම සිදු කළහ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

join now