කාසිය වාසිය ශ්‍රී ලංකාවට...

By Sithumi Sep 09, 2022 01:51 PM GMT
Sithumi

Sithumi

Report

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම සහභාගී වන සුපිරි සිව්දෙනාගේ වටයේ අවසන් තරගය අද (09) රාත්‍රියේ පැවැත්වීමට නියමිතය. 

 එහි කාසියේ වාසිය දිනාගැනීමට සමත්වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව පාකිස්තානයට ලබාදීමටය.

මේ අතර ආසියානු කුසලාන අවසන් මහ තරගය ලබන ඉරිදා (11) ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිතය.