ක්‍රීඩා තේරීම් කමිටු වල කරන්න යන වෙනස..
By Sithumi
මාස 1 කට පෙර
ක්‍රිකට් ඇතුළු සියලුම ක්‍රීඩාවන් සඳහා මහජනයාට වගකියන, විනිවිදභාවයෙන් යුත් තේරීම් කමිටු පත්කිරීමට නව රෙගුලාසි පැනවීමට තීරණය කළ බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා
. ඒ අනුව එක් එක් ක්‍රීඩාවට අදාළ ජාතික තේරීම් කමිටු සඳහා අදාළ රෙගුලාසි කඩිනමින් ප්‍රකාශයට පත්කරන බව අමාත්‍යවරයා පැවසූ අතර අදාළ රෙගුලාසිවලට අනුව තේරීම් කමිටු සාමාජිකත්වය ලබා ගැනීම සඳහා ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත අයදුම්පත් යොමුකළ යුතු අතර ඒවායේ පිටපත් ජාතික තේරීම් කමිටුව වෙත ඉදිරිපත් කළ යුතුව තිබෙනවා.
අනුව ජාතික තේරීම් කමිටුවේ නිරීක්ෂණ යටතේ එක් එක් ක්‍රීඩාවන්ට අදාළ තේරීම් කමිටු පත්කිරීමට පියවර ගන්නා බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළා.
