සබන් කැටේ මිල වෙනස් කරලා විකුණපු සිදුවීම...

By Sithumi Sep 06, 2022 04:07 PM GMT
Sithumi

Sithumi

Report

රුපියල් 70 ක මිල සඳහන් කර තිබූ රෙදි සෝදන සබන් කැටයක මිල මකා දමා රුපියල් 170 ක මිලකට අලෙවි කළ මීරිගම ප්‍ර දේශයේ වෙළෙන්දෙකු අත් අඩංගුවට ගත් බව පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකකය පවසයි.

පාරිභෝගිකයෙකු විසින් කළ පැමිණිල්ලකට අනුව අද (6) සවස සිදු කළ වැටලීමකදී මෙම වෙළෙන්දා විසින් සබන් දවටනයෙහි සදහන් අලෙවි මිල මකා දමා , පුවරුවක සබන් අලෙවි මිල රුපියල් 170 ක් වශයෙන් සදහන් කරමින් මෙලෙස සබන් අලෙවි කිරීම සිදු කළ බව අනාවරණයවී යැයි දිස්ත්රිකක් විමර්ශන ප්‍රධානී රංජිත් වීරවර්ධන මහතා පැවසීය.

ගම්පහ දිසාපති ඩබ්ලිව්.ජේ.සත්යායනන්ද මහතාගේ උපදෙස් පරිදි පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ දිස්ත්රි.ක් විමර්ශන ප්ර‍ධානිවරයාගේ මෙහෙයවීම මත මෙම වැටලීම සිදු කොට ඇති අතර සබන් කැට 300 ක් සමග අත් අඩංගුවට පත් වෙළෙන්දා , අත්තනගල්ල මහේස්ත්රාටත් අධිකරණය හමුවේ පෙනී සිටීමට යටත්ව බැදුම්කර ඇප මත මුදා හැරීමට පියවර ගෙන තිබේ