උපන්දිනය දා ම අවසන් ගමන් ගිය පාසල් සිසුවා ගේ අමිහිරි සිදුවීම...

By Sithumi Sep 24, 2022 05:33 PM GMT
Sithumi

Sithumi

Report

අද  දින   උපන්දිනය සමරන පාසල් සිසුවකු මුහුදේ ගිලී අතුරුදන් ඇතැයි පයාගල පොලිසිය පවසයි. මෙසේ අතුරුදහන්ව ඇත්තේ කලමුල්ල , කළුතර ප්‍රදේශයේ පදිංචිව සිටි රන්මුතු ඩෙරන් සිල්වා නමැති 17 හැවිරිදි පාසල් සිසුවකු බව පොලිසිය පවසයි.

මිතුරන් දෙදෙනකු සමග පයාගල සාන්ත අන්තෝනි පාරේ කෙලවර මුහුදු වෙරළේ ගල් වැටිය අසල දිය නාමින් සිට ඇති අතර, එක්වරම රළ පහරට හසුව ගසාගෙන ගොස් ඇතැයි සදහන් වේ. අසල සිටි පුද්ගලයකු මුහුදට පැන රළ පහරට හසුව ගසා ගෙන යමින් සිටී අනෙක් සිසුන් දෙදෙනා බේරාගෙන තිබේ.

අතුරුදන්ව ඇති සිසුවා ගේ නිවසේ අද පස්වරුවේ උපන්දින සාදයක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවත්, එය සැමරීම සඳහා පැමිණ ඇති මිතුරන් දෙදෙනකු සමග දිය නෑමට ගොස් සිටියදී අනතුරට ලක්ව ඇති බවත් පැවසේ