පියාගේ මළගමට පෑමිණි පුතත් අවසන් ගමන් ගිය පුවත..

Sri Lanka Police Anuradhapura
By Sithumi Dec 30, 2022 01:39 PM GMT
Sithumi

Sithumi

Report

කැකිරාව පොතානේගමදී අද (30) උදෑසන සිදුවූ යතුරුපැදි අනතුරකින් කැකිරාව ප්‍රදේශයේ යුද හමුදා කදවුරකට අනියුක්ත ප්‍රධාන සරඹ උපදේශකයකු මිය ගොස් තිබෙනවා.  

සිද්දිය සම්බන්ධයෙන් මේ වනවිට කැකිරාව පොලිස් ස්ථානය මගින් විමර්ශණ ආරම්භ කර තිබෙන අතර මෙලෙස මිය ගොස් ඇත්තේ කැකිරාව ප්‍රදේශයේ යුද හමුදා කදවුරකට අනියුක්තව රාජකාරී සිදුකළ ප්‍රධාන සරඹ උපදේශකවරයෙක් වන ටී.එම්.ඩී. සෙනවිරත්න නැමැත්තකු බවයි කැකිරාව පොලීසිය පවසන්නේ.  

අයකු වන අතර, ඔහු කැකිරාව රත්මල්කන්ද ප්‍රදේශයේ ස්ථිර පදිංචි අයෙකු වන අතර මීට දින කිහිපයකට ඉහතදී රත්මල්කන්ද ප්‍රදේශයේ පදිංචිව සිටින මරණකරුගේ පියා මිය ගොස් ඇති අතර ඒ වෙනුවෙන් නිවාඩු ලබා අවමංගල්‍ය කටයුතුවලට පැමිණ තිබෙනවා. 

  මිය ගිය පියාගේ අවසන් කටයුතු අද (30) දිනට යෙදී තිබී ඇති අතර එම අතරතුරදී අත්‍යාවශ්‍ය රාජකාරී කටයුත්තක් ඉටු කිරීම සදහා ඔහු අද (30) උදැසන කැකිරාවේ පිහිටි යුද හමුදා කදවුර වෙත රපෝර්තු කිරීමට යතුරු පැදියකින් ගමන්කරමින් සිටියදී මෙලෙස අනතුරට ලක්ව මිය ගොස් තිබෙන බව කැකිරාව පොතානේගම ප්‍රෙද්ශයේ අතුරු මාර්ගයකදී අද (30) උදෑසන එම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසන්නේ.