අසැබි වදන් සහිත විරෝධතා පුවරුවක් නිසා උණුසුම් තත්ත්වයක්...(VIDEO)

By Sithumi May 03, 2022 04:21 PM GMT
Sithumi

Sithumi

Report

කොල්ලුපිටිය අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවය අද 09වන දිනටත් ක්‍රියාත්මකය. අද දිනයේදී පෙරදිනවලට සාපේක්ෂව අරලියගහ මන්දිරය අසල දැඩි පොලිස් ආරක්ෂාවක් ද යොදවා තිබුණි.

මේ අතර පුද්ගලයෙකු පොලීසිය සම්බන්ධයෙන් අසැබි වදන් සහිත පුවරුවක් පෙන්වා විරෝධාය පළකිරීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇතිවිය. ඒ, විරෝධයේ නිරත අනෙක් පිරිසගෙන් ඔහුට බාධා එල්ලවීමත් සමගය. මේ අතර ගාලුමුවදොර පැවැත්වෙන විරෝධතාවයට සමගාමීව දිවයිනේ තවත් ප්‍රදේශ රැසක අද විරෝධතා පැවැත්වුණා.

වත්මන් ආණ්ඩුවට විරෝධය පළකරමින් රත්නපුර දිස්ත්‍රික් ජනතා හඬ සංවිධානය අද පෙරවරුවේ විරෝධතා පාගමනක් ආරම්භ කළේය. මෙම විරෝධතා පාගමන කිලෝමීටර් 200ක දුරක් ගෙවාගෙන ලබන ඉරිදා ගාලු මුවදොර ගෝඨා ගෝ ගම වෙත ළඟාවීමට නියමිතය.

වත්මන් ආණ්ඩුවට හා ජනාධිපතිවරයාට විරෝධය පළකරමින් සහ ජීවන වියදම ඉහළ යාමට එරෙහිව පැල්වත්ත උක්ගොවීන් පැල්වත්ත සීනි කර්මාන්තශාලාව අසලදී අද විරෝධතාවයක නිතර විය.

මහවැලි සී කලාපයේ ගොවීන් පිරිසක්ද වත්මන් ආණ්ඩුවට විරෝධය පළකරමින් ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයේදී අද විරෝධතාවක් පැවැත්වුණි. මේ අතර විවාහ මංගල සේවා සපයන්නන්ගේ එකමුතුව සංවිධාන කළ විරෝධතාවයක් කොළඹ නෙළුම් පොකුණ රඟහල ඉදිරිපිටදී පැවැත්වුණි.