අද ජනපතිට ලැබුණු මොකක්ද මේ විශේෂ බෑගය..

By Sithumi Dec 02, 2022 11:23 AM GMT
Sithumi

Sithumi

Report

ශ්‍රී ලංකා යුද හමුදාවේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරුවන් විසින් නිර්මාණය කරන ලද විශේෂ බෑගයක් අද (02) ජනාධිපතිවරයා වෙත පිළිගන්වා තිබනවා.

 ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු මෙම බෑගයක් (Attaché Case) ජනාධිපතිවරයාගේ ලිපි ලේඛන රැගෙන යෑම සඳහා නිර්මාණය කර ඇඇතු අතර යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා විසින් අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී එය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වූවා.

 ලෝක නායකයන් සංචාරයන්හි නිරත වන විට වැදගත් හා රහසිගත ලිපි ලේඛන රැගෙන යෑමට සුවිශේෂ බෑගයක් භාවිත කිරීම සම්ප්‍රදායක්ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව බෑගයක් නිර්මාණය කිරීමේ කටයුත්ත ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා යුද හමුදාවට පවරනු ලැබුවේ මෙම ලෝක සම්ප්‍රදාය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙමින්.