තවත් නව සන්ධානයක්...

By Sithumi Sep 04, 2022 12:51 PM GMT
Sithumi

Sithumi

Report

විමල්ගේ සභාපතිත්වයෙන් බිහිවන නව සන්ධානය ” උත්තර ලංකා සභාගයආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ පක්ෂ එකමුතුව විසින් ගොඩනගන නව සන්ධානය එළිදැක්වීමේ සමාරම්භක උළෙල මහරගම ජාතික තරුණ සේවා සභාවේදී පැවැත්වෙනවා. 

එය ප්‍රශ්න වෙනුවට උත්තර ලබාදෙන” උත්තර ලංකා සභාගය” ලෙසයි ඔවුන් නම් කර ඇත්තේ. ඩිජිටල් තාක්ෂණය ඔස්සේ නව සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අත්සන් තැබීම සිදු කෙරුණා.   

එහි අනුශාසක ධුරය අතුරලියේ රතන හිමි දරන අතර සභාපතිත්වය දරන්නේ විමල් විරවංශ මහතායි ඩලස් අලහප්පෙරුම, තිලංග සුමතිපාල යන මහත්වරුන් මේ සඳහා ආරාධිතයින් ලෙස එක්ව සිටියා.