හදීසියේම සිදුකළ පොලිස් මෙහෙයමුකින් 22ක් අත්තඩංගුවට ගත් හේති..
පොලිස් විශේෂ කාර්ය බළකාය ඇතුලු පොලිස් නිලධාරීන් 75 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද (23) දහවල් නාරහේන්පිට ප්‍රදේශයේ විශේෂ මෙහෙයුමක් දියත් කර තිබෙනවා.
නාරහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලය අවට ප්‍රදේශයේ එම මෙහෙයුම දියත්කර තිබූණා.
එහිදී සැකපිට පුද්ගලයින් 22ක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර පොලීසිය පවසන්නේ බොරැල්ල පොලීසිය විසින් සොයමින් සිටින, ලිංගික අතවරයක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති සැකකරුවෙකු ද ඒ අතර වන බවයි.
එමෙන්ම පොලිස් මාධ්‍ය ප්‍රකාශක, විවිධ වංචනික ක්‍රියා, මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරැදි සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ.
සැකකරුවන් අතර මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන්, ව්‍යාජ ලිපිලේඛන සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින්, ව්‍යාජ සාමදාන විනිශ්චයකරුවන් සිටි බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.
සැකකරුවන් සතුව ඇතැම් පෞද්ගලික ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ, අධ්‍යක්ෂවරුන්ගේ රබර් මුද්‍රා තිබූ බවද ඔහු පැවසූ අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී රජයේ ආතනවල මුද්‍රිත ලිපිලේඛන පවා සොයාගෙන තිබෙනවා.
සැකකරුවන් සියලුදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවා.
මහමඟ රැඳීසිටින මෙවැනි වංචනිකයින්ගෙන් සහාය ඉල්ලා වංචාවලට හසු නොවී වගකිවයුතු රාජ්‍ය නිලධාරීන්ගෙන් අවශ්‍ය උපදෙස් ලබාගන්නා ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවට දැනුම්දෙන්නේ.