ඉන්ධන පෝලිමේදී කාන්තාවකට සහ ඇගේ පුතුට අමානුෂික ලෙස පහර දෙයි..

Ceylon Petroleum Corporation Sri Lanka Fuel Crisis Petrol diesel price
By Sewvandhi Jul 27, 2022 04:49 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ආනවිලුන්දාවේ ඉන්ධන පිරවුම්හලේ පෝලිමක සිදු වූ ගැටුමකින් තුවාල ලැබූ තරුණයෙකු රෝහල් ගත කර තිබෙනවා. ඔහුගේ මව ප්‍රකාශ කළේ අදාළ පිරිස තමාට ද පහර දී ඇදුම් පවා ඉරා දැමූ බවයි.

පහරකෑමට ලක්වූ තරුණයා ඊට පෙර දින සිට පෝලිමේ රැඳී සිට ඇති අතර පසුව පැමිණි පිරිසක් පෝලිමට එක්වීමට සූදානම් වීමත් සමඟ මෙම ගැටුම හටගෙන ඇති බවයි පැවසෙන්නේ

. පහරකෑමෙන් තුවා ලැබූ තරුණයා ආනවිලුන්දාව රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා හලාවත රෝහලට ඇතුලත් කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Joinnow