මුදල් විශුද්ධිකරණය සහ නීතිවිරෝධි ප්‍රේෂණ අවම කිරීමට අවධානය

By Sithumi Feb 16, 2023 06:09 PM GMT
Sithumi

Sithumi

Report

රටවල් අතර සිදුවන මුදල් විශුද්ධිකරණය සහ නීතිවිරෝධි ප්‍රේෂණ අවම කිරීම සඳහා ප්‍රතිපත්ති ශක්තිමත් කිරීම වැදගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා. 

ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඉතාලියේ සංචාරයක නිතරත අතරතුර එරට ආර්ථික හා මුදල් නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය මොරිසියු ලියෝ මහතා හමු වූ අවස්ථාවේදීයි.

ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර වෙළඳ සබඳතා ශක්තිමත් කරගැනීමටත් දෙරට අතර ආර්ථික සබඳතා ප්‍රවර්ධනය කිරීමේ ක්‍රමවේද පිළිබඳවත් මෙහිදී මූලික වශයෙන් අවධානය යොමුව ඇති බව සඳහන්.