ජනපති හෙට කරන්න යන විශේෂ රාජකාරිය

By Sithumi Sep 25, 2022 10:16 AM GMT
Sithumi

Sithumi

Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට අළුයම ජපානය බලා පිටත් නියමිතය. සාහසිකයකුගේ වෙඩි ප්‍රහාරයට ලක්ව මියගිය ජපානයේ හිටපු අගමැති ෂින්ෂෝ අබේ මහතාගේ අවසන් කටයුතු සඳහා සහභාගී වීම ජනාධිපතිවරයාගේ ජපන් සංචාරයේ මුඛ්‍ය පරමාර්ථය වේ.

ෂින්ෂො අබේ මහතා ජපානයේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදී රනිල් වික්‍රමසිංහ මහතා මෙරට අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ අතර ලංකාව හා ජපානය අතර එකල ඉතා හොඳ රාජතාන්ත්‍රික සබඳතා පවත්වා ගෙන ගිය බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි. ජනාධිපති  රනිල් වික්‍රමසිංහ මහතා මෙම සංචාරයේදී ජපාන අධිරාජයා ද ජපාන අග්‍රාමාත්‍යවරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා ද හමුවී ද්වි පාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත