විදුලිබිල වැඩි කරනවද නැද්ද..? පාර්ලිමේන්තු මත ගැටුම..
By Sithumi
විදුලි ගාස්තු යලි වැඩි කිරීමේ යෝජනාව පිළිබඳව ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් අතර දැඩි මතභේදාත්මක තත්ත්වයක් ඇතිවී තිබේ.
රටේ ජනතාව බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින අවස්ථාවේ විදුලි බිල වැඩි නොකළ යුතු බව පිරිසකගේ මතය වී ඇත. පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාල කටයුතු සිදුවෙමින් පවතින පැවැත්වීමට නියමිතව ඇති මේ මොහොතේ විදුලි බිල වැඩි කළහොත් ජනතාව අතරට යම් අසීරු බවත් එනිසා විදුලි බිල වැඩි කිරීමට මෙය අවස්ථාවක් නොවන බව ඔවුන් තරයේ පෙන්වා දී තිබේ.
කෙසේ වෙතත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විදුලි ගාස්තුව වැඩි කරන බවට දැඩි ස්ථාවරයක සිටියි.
මේ අතර ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ ඇතැමුන් චෝදනා කරන්නේ විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් අදහස් පළ කිරීමට තමන්ට අවස්ථාවක් නොලද බවටය.