වී මිළ සම්බන්ධයෙන් ගොවීන්ගෙන් මිළක්..

By Sithumi Feb 18, 2023 05:07 PM GMT
Sithumi

Sithumi

Report

නිෂ්පාදන වියදම්වල වැඩිවීම හේතුවෙන් වී කිලෝවක් සඳහා රුපියල් 140ත් 150ත් අතර මිලක් ලබාදෙන්නැයි ගොවීන් රජයෙන් ඉල්ලා සිටිනවා.

එම මිලට වී නොගතහොත් වී අලෙවියෙන් වළකින බව ගොවි සංවිධාන රජයට අනතුරු අඟවා තිබෙන අතර බිත්තර ආනයනය කිරීම සඳහා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබී තිබුණද තම කර්මාන්තයට එමගින් හානියක් සිදුවිය හැකි බවයි කුකුළු ගොවිපොළ ව්‍යාපාරිකයින් පවසන්නේ. 

 කෙසේවෙතත් වෙළඳපොලේ බිත්තර හිඟය මේ වන විට උග්‍රවී තිබෙනවා. එමෙන්ම බිත්තර ආනයනය කිරීමට රජය ගෙන ඇති තීරණය ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා විවේචනයට ලක් කළ අතර ඊට අද කෘෂිකර්ම අමාත්‍යවරයා ප්‍රතිචාර දැක්වූවා.

ආපනශාලා සහ බේකරි නිෂ්පාදන සම්බන්ධයෙන් සත්‍ය තත්ත්වය මහජනතාවට දැනුවත් කිරීම සම්බන්ධයෙන් අසේල සම්පත් මහතාට ස්තූතිවන්ත වන බවයි ඔහු පැවසුවේ. කුරුළු උණ නොමැති බවට සහතිකවූ බිත්තර ගොවිපොළවල්වලින් පමණක් බිත්තර ආනයනයට කටයුතු කරන බවයි එමෙන්ම බිත්තර ආනයනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ. 

 මේ අතර ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාළ අමුද්‍රව්‍යවල මිල ගණන් තවදුරටත් ඉහළ යාම තුළින් සිය කර්මාන්තය පවත්වාගෙන යාම අර්බුදයට ලක්වී ඇතැයි ජාතික ඉදිරිකිරීම් සේවක සංගමය පවසනවා.