ත්‍රිරෝද රථයෙන් අවසන් ගමන් ගිය එකම පවුලේ තිදෙනාගේ ඛේදවාචකය
accident
gagana news
Sri lanka sinhala news
today trending
By krishani
ගාල්ල බූස්ස රිල්ලඹ මංසන්ධියේ දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මාතර සිට වවුනියාව දක්වා ගමන්ගත් දුම්රියේ ගැටීමෙන් අද (01) පෙරවරු 10.45ට පමණ එම අනතුර සිදුව තිබෙන අතර ත්‍රිරෝද රථයේ පුද්ගලයින් සිව්දෙනෙකු සිට ඇති බව වාර්තා වේ.
ඔවුන් එකම පවුලේ මව,පියා,පුත්‍රයා හා ලේලි වන අතර ඔවුන් රිල්ලඹ ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.එම අනතුරින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |