අමාත්‍යාංශ දෙකක ලේකම් වරුන්ගේ වෙනසක්.

By Sithumi Dec 27, 2022 02:59 PM GMT
Sithumi

Sithumi

Report

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ධුරයට නීල් බණ්ඩාර හපුහින්න මහතා පත් කර තිබෙනවා.

   ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කිරීම සිදු කර තිබෙනවා.

එම අමාත්‍යාංශයේ මෙතෙක් ලේකම් ධුරය හෙබ වූ ප්‍රියන්ත මායාදුන්න මහතා ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් ධුරයට පත්කර ඇතැයි, ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන්.