දිස්ත්‍රික්ක 07ක අඩු ආදායම් ලාභින් සදහා දීමනාවක්..

By Sithumi Dec 27, 2022 11:15 AM GMT
Sithumi

Sithumi

Report

දිස්ත්‍රික්ක 7ක අඩු ආදායම්ලාභී වී වගා කරන ගොවි පවුල් සඳහා එක් පවුලකට රුපියල් 15,000 ක් එනම් ඩොලර් 42 ක දීමනාවක් ලබාදීමට එක්සත් ජනපද නියෝජිතායතනය තීරණය කර තිබෙනවා.

  යාපනය, මුලතිව්, මන්නාරම, ත්‍රිකුණාමලය, වවුනියාව, මොණරාගල හා මඩකලපුව දිස්ත්‍රික්කවල වෙසෙන මාසික ආදායම රුපියල් 41,500ට වඩා අඩු ගොවි පවුල් සඳහා මෙම දීමනාව ලබා දෙන බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ.  

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඒ.එම්. එච්. එල්. අබේරත්න මහතා ප්‍රකාශ කළේ වාරික 2 ක් යටතේ මෙම මුදල ලබන ජනවාරි මාසයේ දී ලබාදීමට කටයුතු කරන බවයි.