මෙරට රැකියා විරහිත තරුණ තරුණියන්ට නව අවස්ථාවක්..
කර්මාන්තගත ආධුනිකත්ව පුහුණු ක්‍රමවේදය යටතේ NVQ – 3 කෙටි කාලීන පාඨමාලා සඳහා ආධුනිකයන් 3,000ක් බඳවා ගැනීමේ විශේෂ වැඩසටහනක් 2023 වසරේ ජනවාරි මස ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරිය (නයිටා) මගින් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.
දිවයිනේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි රැකියා විරහිත තරුණ තරුණියන් පුහුණුව සඳහා බඳවාගෙන ඔවුන්ගේ කුසලතා සංවර්ධනය කිරීම තුළින් දේශීය හා විදේශීය රැකියා අවස්ථා සඳහා යොමු කිරීමේ අරමුණ සහිතව මෙට ක්‍රියාත්මක කර තිබෙනවා.
ක්ෂේත්‍ර සහකාර (කෘෂිකාර්මික), සාත්තු සේවක, ඇලුමිනියම් පිරිසැකසුම් ශිල්පී, මෝටර් රථ සේවා සහ අභ්‍යන්තර පවිත්‍රකරු, ජලනල කාර්මික, විදුලි කාර්මික (ගෘහස්ත), පෑස්සුම්කරු, සූර්ය බල තාපක ස්ථාපක, ජංගම දුරකථන අලුත්වැඩියා කිරීමේ කාර්මික ශිල්පී සහ භෝජනාගාර සේවක ලෙස තෝරා ගත් පාඨමාලා 10 ක් මෙම පුහුණු වැඩසටහනට ඇතුළත් වනවා
මෙම පුහුණුවේදී ප්‍රථමයෙන් මධ්‍යස්ථානපාදක පුහුණුවක් ලබාදී, ඉන් අනතුරුව පිළිගත් රජයේ හෝ පෞද්ගලික අංශයේ ආයතනයක / කර්මාන්තයක පුහුණුවකින් පසු ඇගයීම් පවත්වා NVQ සහතිකය පිරිනැමීම සිදුකෙරේ. පුහුණුවට බඳවා ගන්නා ආධුනිකයින් සඳහා ගමන් වියදම්, ජීවන කුසලතා හා නායකත්ව පුහුණුව සහ කර්මාන්ත / නියම වැඩබිම් පරිසරවල පුහුණුව ලබාදීම වැනි ප්‍රතිලාභ ද හිමිවනවා.
එළඹෙන 2023 වසරේ “ NVQ – 3 කෙටි කාලීන පාඨමාලා සඳහා ආධුනිකයින් 3,000 ක් බඳවා ගැනීමේ විශේෂ වැඩසටහන ” තුළින් අනාගතය යථාර්ථයක් කර ගැනීමට එක්වන ලෙස නයිටා ආයතනය දැයේ දූ දරුවන්ට ආරාධනා කර සිටී.