අයිස් අල්ලන විදිය ගැන ජාතික ජන බලවේගය කියයි..

Sri Lanka Janatha Vimukthi Peramuna Sri Lankan political crisis
By Sithumi Dec 24, 2022 03:13 PM GMT
Sithumi

Sithumi

Report

ඉදිරියේ දී ජාතික ජනබලවේගය  ජනතාවාදී ආණ්ඩුවක් හදනවා. එම පාලනයේ දී මේ රටේ ජාතික ධනය සොරකම් කරන ලද දූෂිතයන් සියල්ලන්ටම අනිවාර්යයෙන්ම දඬුවම් කරනවා යැයි ජවිපෙ ප්‍රචාරක ලේකම් ටිල්වින් සිල්වා මීගහතැන්න මොරගල දී පැවසුවා.

  අද වෙනකොට මේ ආණ්ඩුව පොලීසිය රංචුපිටින් දාලා පාසල් ළඟ පොඩි එවුන්ගෙ බෑග් අවුස්සලා 'අයිස් හොයනවා' සමහර පොඩි අය දන්නෙත් නෑ මේ අයිස් ගැන ඒ පොඩි දරුවො හිතනවා ඇති අලුත් අයිස් ජාතියක ඇවිල්ලද කියලා කඩෙන් අරගෙන උර උර යන අයිස් පැකට් වගේ'. අයිස් ලංකාවේ හදන්න බෑ.ඒවා එන්නෙ පිට රටින් එහෙම එන්න පුලුවන් ගුවනින් හා මුහුදෙන් පමණයි.

 ගුවනින් තියෙන්නෙ එක ගුවන්තොටුපළක් පමණයි .එතනට නිලධාරීන් කීපදෙනකු දාලා එන අයගෙ බෑග් බලන්නෙ නැතිව ,නාවික හමුදාව දාලා මුහුදෙන් එන ඒවාට වැට බදින්නැතිව මුළු පොලිසිය ම දාලා ඉස්කොලේ යන දරුවන්ගේ බෑග් අවුස්සනවා. අල්ලන්න ඕනා කුඩු මේ රටට ගේන මහ එවුන්.  

ඒ  නිසා අපිට බලය ලැබුනොත් අපි පටන්ගන්නෙ ඉහල ඉදන් පහළට දඩුවම් දෙන්න. ජාතික ජන බලවේගය අගලවත්ත ආසන බල මණ්ඩල රැස්වීම් අවස්ථාවේදී ඒ මහතා එසේ පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now