ඉන්දීයාවේදි මෙරට 9 දෙනෙකු අත්අඩංගුවට.. පොලීසියෙන් පැහැදිලිකිරීමක්..

By Sithumi Dec 22, 2022 04:51 PM GMT
Sithumi

Sithumi

Report

ඉන්දියාවේ රැඳවුම් කඳවුරක දී අත්අඩංගුවට ගත් මෙරට ප්‍රමුඛ පෙළේ පාතාල ක්‍රියාකාරීන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් මෙතෙක් නිල වශයෙන් ශ්‍රී ලංකා පොලීසියට දැනුම්දීමක් සිදුකර නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා. 

 , මෙලෙස ඉන්දීය පොලීසියේ අත්අඩංගුවට පත්වූ පුද්ගලයින් 09 දෙනාගෙන් 07 දෙනකුම ජාත්‍යන්තර පොලීසිය මගින් රතු නිවේදන නිකුත් කළ අපරාධකරුවන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ.  

ඉන්දියාවේදී අත්අඩංගුවට ගැනුණු කිඹුලා ඇලේ ගුණා, පූකුට්ටි කන්නා, ලඩියා ඇතුළු පාතාල ක්‍රියාකාරීන් 09 දෙනා සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ සැකකරුවන් සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශය හරහා ඉදිරි කටයුතු කිරීමට නියමිත බවයි.