ශ්‍රී ලංකාවටම IMF වෙතින් සුබ ආරංචියක්ක්.

Sri Lanka IMF Sri Lanka
By Sithumi Jul 15, 2023 02:31 PM GMT
Sithumi

Sithumi

Report

G20 පොදු යාන්ත්‍රණයට ඇතුළත් නොවුවද ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ප්‍රගතියක් ලබමින් අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. 

 අමෙරිකාවේ, වොෂින්ටන් හී පැවැති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාධ්‍ය හමුවකදී එහි සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජූලි කොසැක් මහත්මිය ප්‍රකාශ කළේ එම ක්‍රියාවලිය වේගවත් විය යුතු අතර සාකච්ඡා පැවැත්වෙන කාලය තුළ ණය ගැති රටවලට යම් සහනයක් හිමිවිය යුතු බවයි. වොෂින්ටන් හී පැවැති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාධ්‍ය හමුවේදී පොදු යාන්ත්‍රණයකින් පරිබාහිරව ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යහුගතකරණය ක්‍රියාවලිය සම්බන්ධයෙන් අවධානය යොමුකෙරුණා. 

 IMF සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජූලි කොසැක් මහත්මිය, "G20 පොදු යාන්ත්‍රණය තුළින් වැඩ්, ඝානාව සහ සැම්බියාව වැනි රටවල ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලිය සිදුකෙරෙනවා. එමෙන්ම පොදු යාන්ත්‍රණයෙන් පරිබාහිරව ශ්‍රී ලංකාව වැනි රටවලද ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සිදුවෙමින් පවතිනවා. එහිදී ණයහිමියන් සමග සම්බන්ධීකරණය ඉදිරියට යන බව කිව යුතුයි. අප පිළිගන්නවා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය වේගවත් විය යුතු බව. 

නිශ්චිතව සහ කාලරාමුවක් තුළ ක්‍රියාත්මක වියයුතු බව. එමෙන්ම සාකච්ඡා පැවැත්වෙන කාලසීමාව තුළ ණය අත්හිටුවීම වැනි ක්‍රියාවලි තුළින් ණයගැති රටවලට යම් සහනයක් හිමිවිය යුතු වනවා."