හෙලිකොප්ටර් අනතුරකින් 6ක් මියයයි..

By Sithumi Jul 11, 2023 05:55 PM GMT
Sithumi

Sithumi

Report

විදේශිකයින් පිරිසක් රැගෙන පියාසර කරමින් තිබියදී අතුරුදන් වූ හෙලිකොප්ටර් යානය කඩා වැටී ඇති බවට අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. 

 විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම අනතුරින් හෙලිකොප්ටර් යානයේ ගමන්කරමින් සිටි පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් ඇති බවයි. 

 අදාළ හෙලිකොප්ටර් යානය නේපාලයේ එවරස්ට් කන්ද ආසන්නයේ දී අතුරුදන් වූ බවට මීට පෙර විදෙස් මාධ්‍ය වාර්තා කළා. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ විදේශිකයින් පිරිසක් රැගත් හෙලිකොප්ටර් යානයක්. 

 අදාළ හෙලිකොප්ටර් යානය මෙක්සිකානු ජාතිකයින් පිරිසක් රැගෙන කත්මණ්ඩු වෙත පියාසර කරමින් සිටියදී මෙම අවාසනාවන්ත අනතුර සිදුව තිබුණා.

 යානය ගුවන්ගතව සුළු වේලාවකට පසුව අදාළ යානය අතුරුදන් වූ බවට වාර්තාවීමත් සමඟ යානය සොයා සෝදිසි මෙහෙයුම් ආරම්භ කෙරුණු අතර එහිදී එම යානයේ සුන්බුන් සහ මගීන්ගේ මළ සිරුරු හමුව ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටිනවා එරට බලධාරීන් සැකපළ කරන්නේ හෙලිකොප්ටර් යානය ගසක ගැටීමට හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවටයි.