බෝ නොවන රෝග වලින් සිදුවන මරන මර්ධනයට ....
මෙරට මරණ වලින් 83% ක් සිදු වන්නේ බෝ නොවන රෝග වලින් සිදු වන බැවින් එය මර්දනයට අදාල ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට තමන් නායකත්වය ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යවරිය පවසයි.
බෝ නොවන රෝග පිළිබද ජාතික කවුන්සිලය අද දින (16) සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී රැස්විය.
මේ සදහා අනෙකුත් අමාත්‍යංශ හා රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන නියෝජනය කරමින් ඊට අදාල නිලධාරින් Zoom තාක්ෂණය ඔස්සේ ද සම්බන්ධ විය. මෙහිදී බෝ නොවන රෝග පාලනයට පසුගිය වසර කිහිපය තුල සිදු කළ හා දැනට සිදු කෙරන ක්‍රියාකාරකම් සාකච්ඡාවට හා සමාලෝචනයට ලක් කෙරිනි.
You may like this video
හෘද රෝග, ආඝාතය, පිළිකා, මානසික රෝග වැනි බෝනොවන රෝග පාලනයට හා වළක්වා ගැනීමට ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම, සැළසුම සකස් කිරීම හා ඊට අදාළ සමාලෝචනය සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරචිච් මහත්මිය විසින් සිදු කරන ලදි. අනාගතයේ දී බෝනොවන රෝග වලින් ජනතාව ආරක්ෂා කර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් දියත් කළ යුතු දීර්ඝකාලීන හා කෙටිකාලින සැළසුම් කඩිනමින් සකස් කරන ලෙසත්, එම සේවාවන් කාර්යක්ෂම සහ විධිමත් කිරීමට පියවර ගනිමින් ඊට අදාල මුල්‍ය ප්‍රතිපාදන ලබාදීමට පියවර ගන්නා ලෙසත් සෞඛ්‍ය අමාත්‍යතුමිය මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදි.
මෙරට සිදුවන මරණ වලින් 83 % ක් සිදු වන්නේ හෘද රෝග, පිළිකා, දියවැඩියාව, වකුගඩු රෝග වැනි ප්‍රධාන බෝනොවන රෝග හේතුවෙන් බවත්, එවැනි බෝනොවන රෝග මර්දනය සදහා ගත යුතු ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සදහා තමා නායකත්වය ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යතුමිය මෙහිදී අවධාරණය කරන ලදි.
මෙම බෝනොවන රෝග පිළිබද ජාතික කවුන්සිලය 2017 වසරේ දී පිහිටුවා ඇති අතර, මාස 06 කට වරක් රැස් වී බෝනොවන රෝග පාලනය සදහා ගත යුතු ඉදිරි පියවර පිළිබද සමාලෝචනයක නිරත වේ. මෙහි සභාපතිධූරය දරනු ලබන්නේ සෞඛ්‍ය අමාත්‍යවරයා වන අතර. උපදේශකත්වය බෝනොවන රෝග පිළිබද ජාතික කවුන්සිලය විසින් දරනු ලබයි.
මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා, අතිරේක ලේකම් (මහජන සෞඛ්‍ය) විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග මහත්මිය, බෝනොවන රෝග අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය වින්ද්‍යා කුමාරපේලි මහත්මිය, බෝනොවන රෝග පිළිබද නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ මහත්මිය ඇතුලු විශේෂඥ වෛද්‍යවරු, වෛද්‍යවරු ඇතුලු පිරිසක් එක්ව සිටියහ.