කොවිඩ් වසංගතය හමුවේ ඇමති සුදර්ශිනීගේ කැපවීම විශිෂ්ටයි...

srilanka health liyanage ranawera
By Nimal Jun 15, 2021 11:02 AM GMT
Nimal

Nimal

Report

 වසර එකහමාරක කාලයක සිට අප මුහුණ දෙන කොවිඩ් වසංගතය මුළු සෞඛ්‍ය පද්ධතියටම අභියෝගයක් වී ඇති අවස්ථාවක අමාත්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඉටුකරනු ලබන සේවාව විශිෂ්ට බැවින් එය අගය කිරීම අත්‍යාවශ්‍ය බව රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ලියනගේ රණවීර මහතා පවසයි.

ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ සහභාගීත්වයෙන් අද (15) කොවිඩ් ප්‍රතිකාර වෙනුවෙන් රාගම රෝහලේ ගර්භනී වාට්ටුව සදහා අවශ්‍ය කරන රුපියල් මිලියන තුනකට අධික වටිනාකමින් යුත් වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා එසේ සදහන් කලේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය රණවීර මහතා , සෞඛ්‍ය සේවාව වෙනුවෙන් වැදගත් රාජ්‍ය අමාත්‍යංශයක වගකීම් ඉටුකරන මෙතුමිය මෙම ක්ෂේත්‍රය පිළිබදව සහ පවතින තත්ත්වය පිළිබදව දැනුමැති විශේෂඥවරියක්. වසර 20කට වැඩි කාලයක් විශේෂඥ වෛද්‍යවරියක් ලෙස සේවය කර ඇති බැවින් මෙම කටයුතු එතුමියට අලුත් දෙයක් නොවේ .

එමෙන්ම මෙතුමිය පසුගිය කාලයේ කොවිඩ් වසංගතය හමුවේ රෝහල් පද්ධතියට අවශ්‍ය කරන වෛද්‍ය උපකරණ පරිත්‍යාග කරන ලෙස දානපතියන්ගෙන් කළ ඉල්ලීම නිසා තම රෝහලට අවශ්‍ය කරන වැදගත් වෛද්‍ය උපකරණ රැසක් පරිත්‍යාග ලෙස ලැබුණු බවත් අද මේ ලබාදෙන පරිත්‍යාගයද එහි ප්‍රතිඵලයක කොටසක් .

මහාචාර්ය ටිරාන් ඩයස් මහතාගේ මැදිහත්වීම මත ඔහුගේ පුද්ගලික පරිත්‍යාග මෙන්ම ලීසන්ස් පෞද්ගලික රෝහල, හේමාස් පෞද්ගලික රෝහල සහ අනෙකුත් පුද්ගලික ධන පරිත්‍යාග එකතුවකින් යුත් රුපියල් මිලියන තුනක අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ රාගම රෝහලේ කොවිඩ් ප්‍රතිකාර වෙනුවෙන් ගර්භනී වාට්ටුව වෙත පරිත්‍යාග කිරීම සිදුකළ අතර ඒ සදහා මල්ටි මොනිටර්ස්, ඩොප්ලර්ස්, ඔක්සිමීටර්ස්, නියෝ නටල් ප්‍රෝබ්, සක්ෂන්, සීටීජී ඇතුළු වෛද්‍ය උපකරණ ඇතුලත්විය.

මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය, අප රටේ ගර්භනී මව්වරුන් අට දෙනෙකු පමණ කොවිඩ් රෝගයෙන් මියගොස් ඇති අතර ඔවුන්ද මෙම රෝගයේ අවධානම් මට්ටමේ පසුවන කණ්ඩායමක් ලෙස හදුනාගෙන ඇති අවස්ථාවක ගර්භනී මාතාවන් වෙනුවෙන් සිදුකළ මෙම පරිත්‍යාගය ඉතා ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් ලෙස තමන් සළකනවා. මෙම අවස්ථාවට සහභාගීවීමට ලැබීම පිළිබදව සතුටට කරුණක්.ඕනෑම ව්‍යවසන අවස්ථාවකදී අපේ රටේ ජනතාව, දානපතීන් නිරන්තරයෙන් ආධාර උපකාර කරන බැවින් එය අගය කල යුතු බව සදහන් කළ අමාත්‍යවරිය කොවිඩ් රෝගයෙන් පීඩා විදිමින් හුස්ම යදින ජනතාව ජීවත් කරවීමට සෞඛ්‍ය කාර්ය මණ්ඩලයද කරන කැපකිරීම විශිෂ්ට යි. ඒ පිළිබදව තමන්ගේ කෘතවේදීත්වය මේ මොහොතේ පළකර සිටින බවද පැවසුවාය. මෙම අවස්ථාවට මහාචාර්ය ටිරාන් ඩයස්, කැළණිය වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය ජානකී ද එස් හේවාවිසන්ති, විශේෂඥ වෛද්‍ය ශිවසුමිත්‍ර යන මහත්ම මහත්මීන් ඇතුළු රාගම රෝහලේ වෛද්‍ය, හෙද සෞඛ්‍ය නිලධාරීන් සහභාගී විය.